Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේගවත් පිතිහරඹයක නිරතවූ අබ්දුල් ශාකූර් ලබාගත් අර්ධ ශතකය (73) හේතුවෙන් අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 තරගාවලියේදී නොදර්න් වොරියර්ස් පිලට එරෙහිව පැවැති තෙවැනි තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට මොසැඩක් හුසේන් නායකත්වය දරන මරාතා ඇරබියන්ස් පිල බ්‍රහස්පතින්දා (28 වැනිදා) සමත්විය. අබ්දුල් ශාකූර් පන්දු28 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 73 ක් ලබාගනිමින් මරාතා ඇරබියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නොදර්න් වොරියර්ස් පිල නියෝජනය කරන මහේෂ් තීක්‍ෂණ සිය ඕවර 2 තුලදී ලකුණු 32 කට කඩුල්ලක් දවාගත්තේය.
නොදර්න් වොරියර්ස් - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 127
(බ්‍රෙන්ඩන් කිං 29, ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 54, නිකලස් පූරන් 19, රෝමන් පවෙල් නොදැවී 22, මුක්තාර් අලී 19/1)
මරාතා ඇරබියන්ස් - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 131
(අබ්දුල් ශාකූර් 73, මොහොමඩ් හෆීස් 19, ෆේබියන් ඇලන් 11/2, රයාඩ් එම්රිට් 21/1, මහේෂ් තීක්‍ෂණ 32/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.