Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල කී‍්‍රඩාවේ ජාතික ශූරයෝ එක්වෙති

මලල කී‍්‍රඩාවේ ජාතික ශූරයෝ එක්වෙති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා ජාතික ශූරයන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමක් ඉකුත්දා පැවති අතර එහිදී කී‍්‍රඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් තිරණ කිහිපයකට එළඹ ඇත.

එහිදී ජ්‍යෙෂ්ඨ උප සභාපති විමලසේන පෙරේරා මහතාගේ යෝජනවකට අනුව සංගමයේ කමිටු සාමාජිකාවක් ලෙස කටයුතු කළ දිලීමා පීටර්සන් මහත්මිය, සහකාර ලේකම්වරිය ලෙස තෝරා පත්කරගැනින.

තවද සංගමයේ සාමාජිකත්වය ඉහළ නංවාගැනීම, විදෙස් ගතවී සිටින මලල කී‍්‍රඩා ජාතික ශූරයන්ගේ සහය ලබාගැනීම, සාමාජිකයන්ගේ සුබසාධක කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡ පැවැත්විණ.

හිටපු මලල කී‍්‍රඩා ජාතික ශූරයන් වන එස්. එල්. බී. රෝසා (සභාපති), ග්‍රෙගරි ද සිල්වා (ලේකම්), ජනේන්ද්‍ර ප‍්‍රනාන්දු (භාණ්ඩාගාරික), ඒ. එස්. එම්. ඛාන්, විමලසේන පෙරේරා (ජ්‍යෙෂ්ට උප සභාපතිවරු), කෝසල සහබන්දු (උප සභාපති), දිලීමා පීටර්මසන් (සහකාර ලේකම්), ශාන්ති ද අබේරු, එන්. ජී. විමලදාස (කමිටු සාමාජිකයන්), ටී. ඞී. ඊ. ෆ‍්‍රැන්සිස්, උපාලි කුමාරසිරි, රෝහිණී චන්ද්‍රසේකර සහ දීපිකා ගුණරත්න යන මහත්ම මහත්මීහූ මෙම රැස්වීමට සහභාගී වූහ.

 


අදහස් (0)

මලල කී‍්‍රඩාවේ ජාතික ශූරයෝ එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.