Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් රුසියාවේදී හෙට (16) ආරම්භ වන ලෝක කනිෂ්ඨ ශූරතා මල්ලවපොර තරගාවලියට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනෙකුට, පුහුණුකරුවෙකුට සහ කළමනාකරුට තරග සංචාරය අත්හැර දැමීමට සිදුව තිබේ. ලෝක කනිෂ්ඨ තරගාවලියට යාමට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කොටසක් සංචාරයෙන් ඉවත්වීමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික මල්ලවපොර සම්මේලනයෙන් දඩයක් පැනවෙනු ඇතැයි ද වාර්තා වේ.
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ලංකාදීපයට පැවසුවේ මෙම දඩයෙන් නිදහස්වීම සඳහා ලෝක සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
“මල්ලවපොර සම්මේලනයට තිබෙන ලොකුම ප්‍රශ්නය වියදම් සොයා ගැනීමට නොහැකිවීමයි. 2021-23 කාලසීමාවට අදාළව මල්ලවපොර සම්මේලනයේ සංවර්ධන සැලැස්ම අපි ක්‍රීඩා අමාත්‍යාංශයට හා ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කළා.“
“ඒ අයට උදව් කරන්න කියලා. ඒ විතරක් නෙමේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතාටත් අපි ඒ සැළසුම් ඉදිරිපත් කළා. නමුත් ඒ එක පාර්ශවයකින් වත් අපට මෙතෙක් ප්‍රතිචාරයක් ලබාදීලා නෑ. ඒ පිළිබඳව අපට ඇත්තේ කනගාටුවක්“ යැයි ද සරත් හේවාවිතාරණ මහතා පැවසීය.
කෙසේ වෙතත් රුසියාවේ දී ආරම්භ වූ ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර රැගෙන දීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා මැදිහත් වූ බව ද ඔහු පැවසීය. මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට දේශීය මල්ලවපොර ප්‍රවර්ධන වැඩසටහන් පවත්වාගෙන යාම සඳහා සිය පෞද්ගලික මුදල් ද ඇතැම් අවස්ථාවල දී යෙදවීමට සිදුව තිබෙන බවයි.
ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියට සහභාගි විය නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම
මධුෂ්ක ද සිල්වා (කිලෝග්‍රෑම් 57 බර පංතිය), ළහිරු සුමින්ද්‍ය ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 61 බර පංතිය), උෂාන් නදිෂ්ක (කිලෝග්‍රෑම් 74 බර පංතිය), ජනුක ලන්කජ අබේගුණසේකර (කිලෝග්‍රෑම් 79 බර පංතිය), අවිදු ශ්‍රීලක් වන්නිආරච්චි (කිලෝග්‍රෑම් 86 බර පංතිය), යෙතුෂ විශ්මිත සේනානායක (කිලෝග්‍රෑම් 92 බර පංතිය),
පුහුණුකරු - රජිත් චන්දිමාල් ප්‍රනාන්දු මහතා
කළමනාකරු - අමිල ප්‍රියන්ත රන්දෙණිය මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.