Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මසකඞ්සාගේ ශතකයෙන් සිම්බාබ්වේ පිල හිස ඔසවයි

මසකඞ්සාගේ ශතකයෙන් සිම්බාබ්වේ පිල හිස ඔසවයි

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර ශෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (5 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියේය.

තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි හැමිල්ටන් මසකඞ්සා නොදැවී ලකුණු 154 ක් සහ රෙයිගිස් චකබ්වා නොදැවී ලකුණු 75 ක් බැගින් ලබා කඩුල්ලේ රැුදී සිටියහ.

අද දිනයේදී තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ හැමිල්ටන් මසකඞ්සා, ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් අන්තර්ගත කළේය.

මුළු ලකුණු සංඛ්‍යාව 189 ක් වන විට පස්වැනි කඩුල්ලත් බිඳවැටීම නිසා අසීරු තත්ත්වයකට පත්ව සිටි සිම්බාබ්වේ පිල, ඉන් මුදවාගැනීම සඳහා රෙයිගිස් චකබ්වා සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මසකඞ්සා සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල, සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 433 ක් ලබාගත් අතර තමීම් ඉක්බාල් (109) සහ ශකීබ් අල් හසන් (137) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 433
(තමීම් ඉක්බාල් 109, මොනමුල් හක් 35, මහමදුල්ලා 56, ශකීබ් අල් හසන් 137, තයිජුල් ඉස්ලාම් 32, ටිනාෂේ පන්යන්ගාරා 49/2, ටෙන්ඩායි චටාරා 61/2, මැල්කම් වෝලර් 65/2)

සිම්බාබ්වේ පිල - පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී 331
(බ‍්‍රයන් චැරී 25, හැමිල්ටන් මසකඞ්සා නොදැවී 154, බ්‍රෙන්ඩන් ටේලර් 37, කේ‍්‍රග් එර්වින් 17, රෙයිගිස් චකබ්වා නොදැවී 75)

036


අදහස් (0)

මසකඞ්සාගේ ශතකයෙන් සිම්බාබ්වේ පිල හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.