Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කමිඳු මෙන්ඩිස් නායකත්වය මහනුවර කණ්ඩායම අද (4 වැනිදා) සමත් විය.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවද, එහිදී මුල් ඉනිමේ ජයක් වාර්තා කරමින් මහනුවර ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ. ඒ අනුව යාපනය කණ්ඩායමට එරෙහිව මෙම මස 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මහනුවර කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.
මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 458 ට පිළිතුරු වශයෙන් ගාල්ල කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 354 ක් පමණි.
තරගය නිමාවට පත්වන විට මහනුවර කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියේය.
මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 458
(කමිල් මිෂාර 18, කසුන් විදුර 45, ඕෂධ ප්‍රනාන්දු 127, කමිඳු මෙන්ඩිස් 108, ළහිරු උදාර 87, නිරෝෂන් දික්වැල්ල 38, සුමින්ද ලක්ෂාන් 65/3, ධනංජය ලක්ෂාන් 57/2, දිල්ෂාන් මධුෂංක 83/2, අකිල ධනංජය 85/2)
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 354
(සංගීත් කුරේ 44, පබසර වඩුගේ 78, හෂාන් දුමිඳු 74, ධනංජය ලක්ෂාන් 60, සුමින්ද ලක්ෂාන් 22, කවිෂ්ක අංජුල 31, අකිල ධනංජය 17, අසිත ප්‍රනාන්දු 69/4, අෂීන් ඩැනියෙල් 86/3)
මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 155
(කමිල් මිෂාර 63, කමිඳු මෙන්ඩිස් 42, ළහිරු උදාර නොදැවී 32, අකිල ධනංජය 67/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.