Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර කී‍්‍රඩකයෝ පොලිසියට තලති

මහනුවර කී‍්‍රඩකයෝ පොලිසියට තලති

ශනුක අරවින්ද - 2016 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෘත්තීමය කී‍්‍රඩා රටාව කදිමට විදහා දැක්වූ මහනුවර කී‍්‍රඩා සමාජය ඊයේ (26 වැනිදා) පස්වරුවේ නිත්තවෙල කී‍්‍රඩා පිටියේ පොලිස් කී‍්‍රඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 34-9 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඩයලොග් කුසලාන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තරගයක් වූ මෙහිදී ගෝල් 3 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහරකින් මහනුවර කී‍්‍රඩකයන් සිය ලකුණු ලබාගනිද්දී පොලිස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ දඩුවම් පහර 3 ක් පමණි.

අද තරගයේ විශේෂත්වය වූයේ මහනුවර කී‍්‍රඩා සමාජයේ සුපිරි කී‍්‍රඩක ෆාසිල් මරිජා තරගය ආරම්භයේදීම පිටියට පිවිසීමයි. සෑහෙන කලක් පිටකොන්දේ ආබාධයකට ලක්ව සිට සුවය ලැබු මරිජා පසුගිය සති දෙකේදීම පිටියට පිවිසියේ අවසන් මිනිත්තු කිහිපයේදීය.

තරගයේ ආරම්භයේදීම ලද දඩුවම් පහරක් සාර්ථක කරගත් රජිත සන්සෝනි පොලිස් කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේ 3-0 ක් ලෙසිිනි. ඊට මොහොතකට පසුව කාංචන රාමනායක තැබූ උත්සාහක දිනුමක් සාර්ථකව ගෝලයක් බවට පත් කළ තිළිණ විජේසිංහ මහනුවර පිල ලකුණු 7-3 කින් ඉදිරියට ගෙන ගියේය.

ඉන් අනතුරුව තවත් දඩුවම් පහරක් සාර්ථක කරගත් සන්සෝනි පොලිස් කණ්ඩායම ලකුණු 7-6 කින් ඉදිරියට ගෙන ගියද මොහොතකට පසුව තිළිණ විජේසිංහ දඩුවම් පහරක් සාර්ථක කරමින් මහනුවර පිල ලකුණු 10-6 ක් ලෙසින් ඉදිරියට ගෙන ගියේය.

තවත් මිනිත්තු 6 කට පසුව ෆාසිල් මරිජා දර්ශනීය උත්සාහක දිනුමක් තබමින් සිය කණ්ඩායම ඔසවා තැබීමට සමත්වූ අතර තිළිණ විජේසිංහ විසින් එය ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 17-6 ක් ලෙසිනි.

පළමු භාගය නිමාවිමට මොහොතකට පෙර සිය තුන්වැනි ද`ඩුවම් පහරත් සාර්ථක කරගත් සන්සෝනි පොලිස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළ දැමූවත් පළමු භාගය නිමාවෙද්දී ලකුණු 17-9 කින් පෙරමුණ ගැනීමට සමත්වූයේ මහනුවර කණ්ඩායමයි.

දෙවැනි භාගයේදී සිය අත්දැකීම් සහ වෘත්තීමය භාවය කදිමට පෙන්නුම් කළ මහනුවර ආරක්ෂක වළල්ලේ කී‍්‍රඩකයන් ප‍්‍රතිවාදීන් තම සීමාව දෙසට ළගා කරනොගන්නට වගබලාගත් අතර ඉදිරිපෙළ කී‍්‍රඩකයෝ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ වගකීමට උර දුන්හ.  

තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 30 කට පසුව රොෂාන් වීරරත්න උත්සාහක දිනුමක් තැබිමට සමත්වූ අතර තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට පත්කරමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 24-9 කින් ඉහළ දැමුවේය. අනතුරුව ෂෙහාන් පතිරණ තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 29-9 දක්වා ඉහළ දමාගත් මහනුවර පිල රිචඞ් ධර්මපාල අවසන් මොහොතේ තැබූ උත්සාහක දිනුමත් සමග ජයග‍්‍රහණය තහවුරු කරගත්තේය.

කෙසේ වෙතත් උත්සාහක දිනුම් දෙකක්ම ගෝල බවට පත් කිරීමට අර්ෂද් ජමාල්දීන්ට නොහැකි විය.

 


අදහස් (0)

මහනුවර කී‍්‍රඩකයෝ පොලිසියට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.