Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහාචාර්ය අර්ජුන ඉල්ලා අස්වෙයි

මහාචාර්ය අර්ජුන ඉල්ලා අස්වෙයි

editorial - 2024 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ සභාපති ධූරයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා නිල වශයෙන් ඉල්ලා අස්වීම පෙරේදා (18) සිදු විය.ඒ එම ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිණි.

එහිදී අදහස් දැක්වූ අර්ජුන ද සිල්වා මහතා වසර 2011 සිට එම ආයතනයට සේවය ලබාදීමේදී ජනාධිපතිවරුන් තිදෙනකු හා ක්‍රීඩා ඇමැතිවරුන් අට දෙනකු යටතේ තමන් කටයුතු කළ බවත් එයින් තමා ඉවත්ව යන්නේ ආසියානු රටවල ක්‍රියාකාරී තහනම් උත්තේජක (ජාතික) මර්දන ආයතන අතර ​ෙශ්‍ර්ණිගත කිරීම්හි ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයට පත් කරමින් බවත් පැවැසීය.

වසර 2010 දී ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි දිනාගත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කම ඔහු තහනම් උත්තේජක පාවිච්චි කර තරග වැදුණු බවට තහවුරුවීමෙන් අවලංගු කෙරුණි.

එයින් පසුව මෙරට ක්‍රීඩා   ​ෙක්‍ෂ්ත්‍රයෙන් තහනම් උත්තේජක පිටු දැකීම හා පාලනය කිරීම සදහා 2011 දී ස්ථාපිත කළ ක්‍රීඩා වෛද්‍ය හා තහනම් උත්තේජක මර්දන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පළමු පත්වීම ලබමින් සිල්වා මහතා මෙම ෙක්‍ෂ්ත්‍රයට අවතීර්ණ විය.

තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනයට අංග සම්පූර්ණ නව ආයතන පරිශ්‍රයක් ඉදි කිරීම, නිතිවිරෝධි තහනම් උත්තේජක ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම මැඩ පැවැත්වීම, එම අනතුර හමුවේ ආහාර පාන හා ඖෂධ පිළිබඳව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුල් දැනුමක් පළමු වතාවට දැනුවත් කිරීම, ආසියානු හා ශාන්තිකර අමාත්‍ය මණ්ඩල 15 වැනි හා 18 වැනි රැස්වීම් සදහා ශ්‍රී ලංකාවේ සත්කාරය ලබාදීම, අති නවීනතම විද්‍යාගාරයක් ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සිය සේවා කාලය තුළදී ඉටුවූ ප්‍රධාන සේවාවන් බව ඔහු මාධ්‍ය හමුවේදී පැවැසීය.

අර්ජුන ද සිල්වා මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙසත් උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ උපදේශක වෛද්‍යවරයකු ලෙසත් දැනට කටයුතු කරයි.

තවත් ක්‍ෂ්ත්‍රයේ පළපුරුදු අයෙකුට කටයුතු කිරීමේ අවස්ථාව සලසාදීමට තමන් ඉල්ලා අස්වූ බව ඔහු මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය. හිස්වූ ධූරයට වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය නිර්දේශ වනු ඇතැයිද වාර්තාවේ.


අදහස් (0)

මහාචාර්ය අර්ජුන ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.