Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2019 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහානාම විදුහලේ සිසික කුලතුංග ලකුණු 40 කට කඩුලු 11 ක් දවාගනිමින් මැසිනොද් විදුහලේ පිතිකරුවන් අසරණ කළේය.

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 8 ක් දැවී 245
(ගිමන්ත දිසානායක 60, දුල්නිත් සිගේරා නොදැවී 52, චාමිකා හීනටිගල 22, ඒෂාන් විතානගේ 21, තරින් සංඛේත් 43/4, ෂෙනාල් රෂිමික 16/2, කවිඳු සිල්වා 59/2)

මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 76
(තරින් සංඛේත් 27, රන්මින රාමනායක 21, සිසික කුලතුංග 34/7, නෙසාරා පතිරගේ 29/3)

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25 කදී කඩුලු 8 ක් දැවී 37
(සිසික කුලතුංග 06/4, චාමික හීනටිගල 11/3)

-036


අදහස් (0)

මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.