Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද ඇතුළත්මුදලි සමුගනී

මහින්ද ඇතුළත්මුදලි සමුගනී

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ට ගණයේ පිට දඟ පන්දු යවන්නකු වූ මහින්ද ඇතුළත්මුදලි මහතා පසුගියදා සිය දිවිගමනින් සමුගත්තේය. 1957 - 59 කාලයේදී නාලන්දාව වෙනුවෙන් ක්‍රීඩා කළ මහින්ද ඇතුළත්මුදලි එකල පාසල් අතර සිටි දක්‍ෂතම දඟ පන්දු යවන්නකු සේ සලකනු ලැබිණ.

නාලන්දාවෙන් ඉවත් වීමෙන් පසුව ඔහු එන්.සී.සී. බ්ලූම්ෆීල්ඞ් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ වෙනුවෙන්ද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ ඔහු පසුව කැනඩාවේ පදිංචිය සඳහා ගිය අතර කැනඩාවේදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී නැවතත් මව්බිමට පැමිණියේය.

1965 දී ආරම්භ කළ ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයකු වූ මහින්ද ඇතුළත්මුදලි මහතා පසුව එහි උප අනුශාසකවරයකු ලෙසින්ද කටයුතු කළේය. කොළඹ 05, නාරාහේන්පිට පදිංචිව සිටි මහින්ද ඇතුළත්මුදලි මහතා දෙදරු පියෙකි.


- 213

 


අදහස් (1)

මහින්ද ඇතුළත්මුදලි සමුගනී
  • වයස කීයද කියලා කිව්වෙ නෑ නෙ Thursday, 19 August 2021 12:04 AM

    මේ මහත්තයාගේ වයස කීයද...?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.