Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජයගනිති

මහින්ද විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජයගනිති

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් බවන්ත ජයසිංහ (71) ද, මහින්ද විදුහල වෙනුවෙන් කෞසිත කොඩිතුවක්කු (97) අර්ධ ශතක ලබාගත්හ. තර්ස්ටන් විදුහලේ උපුල් හෙට්ටිආරච්චි ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.


තර්ස්ටන් විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 230
(බවන්ත ජයසිංහ 71, ධනංජ සිල්වා 37, පුන්තිල කුමාර 21, සුභානු රාජපක්ෂ 34/3, නවෝද් පරණවිතාන 36/3, කුෂාන් මධූෂ 40/2)

මහින්ද විදුහල - ඕවර 44.5 කදී කඩුලු 7 ක් දැවී 231
(කෞසිත කොඩිතුවක්කු 97, සදෙව් ඉදුවර 27, ධනුජ ඉඳුවර 21, උපුල් හෙට්ටිආරච්චි 35/5)


-036

 


අදහස් (0)

මහින්ද විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.