Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහේල තුවාල ලබයි

මහේල තුවාල ලබයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිටියදී ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන තුවාල ලැබීය.

මහේලගේ වම් අතේ වෙදැගිල්ල සහ සුලැගිල්ල අතර පැලී ඇති අතර එයට මැහුම් තුනක් යොදා තිබේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ මහේල පන්දුවට පහරදීමට සූදානමින් සිටින බවයි.

මොහොමඞ් හෆීෂ් මුහුණ දුන් පළමු පන්දුවේදී දෙවැනි ස්ලිප් ස්ථානයට ලබාදුන් අපහසු උඩ පන්දුව රැුක ගැනීමට යෑමෙන් මහේල තුවාල ලැබීය. එහිදී මහේලගේ අත බිම වැදුණු අතර දැඩි වේදනාවන් මහේල ක‍්‍රීඩාංගාරයට පියමන් කළේය.


අදහස් (12)

මහේල තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.