Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

මාරිස්ටෙලා විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල අද (6 වැනිදා) සමත්විය.

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 34 ක ජයක් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ පසිඳු උස්හෙට්ටි (69) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අශාන් ප්‍රනාන්දු සහ අවීෂ කේෂාන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කවිඳු දිල්හාර (නොදැවී 61) අර්ධ ශතකයක් සහ චාමික සඳරුවන් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ.

 


මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී ලකුණු 177
(පසිඳු උස්හෙට්ටි 69, පසිඳු පෙරේරා 27, අනන්ත පෙරේරා 20, චාමික සඳරුවන් 35/5, කවිඳු දිල්හාර 21/2)

ශා. ඇලවීෂියස් විද්‍යාලය - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(කවිඳු දිල්හාර නොදැවී 61, සංදීප ශමෝද් 23, චාමික සඳරුවන් 20, අශාන් ප්‍රනාන්දු 18/3, අවීෂ කේෂාන් 22/3)

 


අදහස් (0)

මාරිස්ටෙලා විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.