මැතිව්ස්ට ආදේශකයෙක් නෑ
පාදයේ මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කොළඹ කිංග්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්විය. පසුව එම තරගයේදී කොටසකදීත් පන්දු රැකීමෙන් වැළකී සිටි මැතිව්ස් කිහිප වතාවක්ම පිටියෙන් පිටත සිටිමින්ම පිටියේ පන්දු රකින්නන් සකසන අයුරු රූපවාහිනියෙන් දැකගත හැකි විය.
ලැබී තිබෙන ආරංචි මාර්ග වලට අනුව, මෙම 33 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයාට සති තුන හතරක පමණ කාළයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වී විවේක ගැනීමට සිදුවනු ඇත. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරාගත් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් මැතිව්ස් ඉවත් වුවද ඉතිරි ක්‍රීඩකයන් 21 දෙනා දකුණු අප්‍රිකානු සංචාරයට යාමට නියමිතය.
- 2079