Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැරතන් - ඇවිදීමේ තරග කල්යයි

මැරතන් - ඇවිදීමේ තරග කල්යයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අගලවත්තේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබු බස්නාහිර පළාත් මැරතන්, ඇවිදීම සහ පාපැදි (පිරිමි/කාන්තා) තරගමාලාව වර්ෂාව නිසා දින නියමයකින් තොරව කල් දැමු බව බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.

බස්නාහිර පළාත් ක‍්‍රීඩා ඇමැති රංජිත් සෝමවංශ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන මෙම තරගමාලාව අගලවත්ත ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් හෙට (29) පෙරවරු 7.00 ට ආරම්භවීමට නියමිතව තිබුණි.

බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක‍්‍රීඩා අංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරන මෙම තරගමාලාවේ තරග ඉසව් 42 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බස්නාහිර පළාතේ තරග ලෙස ක‍්‍රියාත්මකවේ.


- 090

 


අදහස් (0)

මැරතන් - ඇවිදීමේ තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.