Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැලේසියාවේ අභියෝගයත් ජය ගනී

මැලේසියාවේ අභියෝගයත් ජය ගනී

editorial - 2024 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන 13 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේ  ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කණ්ඩායමක් ලෙස සැළකූ මලයාසියාව  ලකුණු  72-40 ක් ලෙස ඉතා පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව  පස් වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට අද (23) සමත් විය.

මලයාසියාවට එරෙහි  ඊයේ පැවති තරගයේ වට හතරේදීම ලකුණු 18/11 - 22/11 - 15-13 හා 17/5 ලෙස පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ජය වාර්තා කළහ.

මේ අතර ගියවර තරගාවලියේ අනුශූරීයන් වූ සිංගප්පූරුව අද පැවති හොංකොං සමග තරගය ලකුණු 67-42  ලෙස ජය ගැනීමට සමත් විය. එම කණ්ඩායමද අපරාජිතව බී කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටියි.

මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගී වූ මූලික වටයේ තරඟ හතර අතරින් (පිලිපීනය, සවුදි අරාබියා, ඉන්දියාව සහ ජපානය) වඩාත්ම තියුණු මුහුණුවරක් ගත් තරඟය ලෙස  ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර  ඊයේ තරගය  හැඳින්විය හැකිය.

මලයාසියාව මේ වනවිට ආසියාවේ අංක 3 ස්ථානයේ රැඳී සිටින අතර 1985 සහ 2016 ආසියානු ශූරයින් ලෙසත් 1997 සහ 2005 ආසියානු අනුශූරයින් ලෙසත් ඊට අමතරව හය වතාවක්ම තුන් වැනි ස්ථාන තරගාවලියේ හිමි කරගෙන සිටියි.

තරගාවලියට අද (24) විවේක දිනයක් වන අතර හෙට (25) ශ්‍රී ලංකාව මාලදිවයින සමඟ  මූලික වටයේ  'ඒ' කාණ්ඩයේ සිය අවසන් තරඟයට මුහුණ දෙනු ඇත. මාලදිවයිනද ශ්‍රී  ලංකාවට ප්‍රබල ප්‍රතිවාදිනියක් නොවන තත්වයක්  තුළ මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට මූලික වටයේදී අපරාජිතව පසු වෙමින් සෙනසුරාදා (26) පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව  හිමි වනු ඇත.

ශ්‍රී ලංකාව කුසලාන දිනා ගත් ගිය වර  (2022) තරගාවලියේදී (දෙවැනි වටයේදී) මලයාසියාව මීට පෙර මුණ ගැසුණු  අවසන් අවස්ථාවේදී  ශ්‍රී ලංකාවේ ජය වාර්තා වූයේ (55 - 53 ) වැඩි ලකුණු දෙකකිණි.ඒ අනුව ඊයේ ශ්‍රී ලංකාවේ ජය වඩාත් කැපී පෙණෙන බව පුහුණුකාරීණී දීපි නාලිකා ප්‍රසාදි  මහත්මිය තරග අවසානයේදී පැවැසූවාය.

 


අදහස් (0)

මැලේසියාවේ අභියෝගයත් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.