Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල අවසන් තරගයට
19 න් පහළ III වැනි කොටසේ ක්‍රිකට්

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල අවසන් තරගයට

editorial - 2024 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් III වැනි කොටසේ ‘ඒ‘ තලයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල සුදුසුකම් ලබාගත්තේය. කිරිඳිවැල ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයේදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල විසින් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජය කරන ලදි. 

පළමුව පන්දුවට පහරදුන් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 78 කට දැවී ගියේය. එහිදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ වමත් වේග පන්දු යවන දේවින්ද දර්ශන ලකුණු 22 කට කඩුලු 6ක් දවාලීය.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන දිමුතු තාරක ලකුණු 40කට කඩුලු 8ක් දවාගත් නමුත් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට සිය පළමු ඉනිම සඳහා ලකුණු 107ක් ලබාගනිමින් මුල් ඉනිමේ ජය තහවුරු කරගත්තේය. 

දෙවැනි ඉනිම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 108 ක් පමණි.  පූර්ණ ජයක් ලැබීමට ලකුණු 80ක ඉලක්කයක් ලද  මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබා සිටියේය. 

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ දේවින්ද දර්ශන ඉනිම දෙකේදී ප්‍රතිවාදී කඩුලු 10ක් දවාලූ අතර,  හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් දිමුතු තාරක දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් පළමු ඉනිමේදී ලකුණු 40කට කඩුලු 8ක් දවාලීය.
  

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 26.3  කදී සියලු දෙනා දැවී 78 යි
(සනුත් මන්දිව් 45, දේවින්ද දර්ශන 22/6, ශකිල අශේන් 15/2)

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල - පළමු ඉනිම ඕවර 71.5 කදී  සියලු දෙනා දැවී 107 යි
(හිමංක සඳමිණ 22, ශකිල අශේන් 22, දිමුතු තාරක 40/8)

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 108 යි
(කවිදු මධුෂාන් 40, සමිත් විදුර 22, දේවින්ද දර්ශන 30/4, රොශේන් ශාලිංග 46/4)

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල -  දෙවැනි ඉනිම ඕවර 20 කදී  කඩුලු 2 ට 24 යි


අදහස් (0)

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.