Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර 130 කෘතිම ධාවන පථ 5 ක්

මීටර 130 කෘතිම ධාවන පථ 5 ක්

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දිවයිනේ තෝරාගත් ක්‍රීඩාංගණ පහක දිගින් මීටර 130ක් වන, මංතීරු 4 කින් යුත් කෘත්‍රිම ධාවන පථ එළීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය කළ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා දේශීය නියෝජිත ආයතන දෙකක් මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

එම කෘත්‍රිම ධාවන පථ පහ සඳහා ඉදිරිපත් වූ ලංසු ඇගයීම පස් දෙනකුගෙන් යුත් තාක්ෂණික කමිටුවක් මගින් සිදු කෙරේ.

මේ සඳහා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය, සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය, මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, අම්පාර ඩී.එස්. සේනානායක විදුහල් පිටිය සහ අනුරාධපුර මධ්‍ය මහ විදුහල් පිටිය යන ක්‍රීඩාංගණ තෝරාගනු ලැබ ඇත.

යෝග්‍යතා පූර්ණ ලංසුකරුවන් වෙතින් ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ අනුමතිය හිමිවන, අවම වශයෙන් II වැනි ශ්‍රේණියේ කෘත්‍රිම ධාවන පථ 10 ක්වත් මීට පෙර අතුරා තිබීම ඒ සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රමාණවත් වන සුදුසුකමක් වේ.
ඒ අතර, ඔවුන්ගේ වාර්ෂික පිරිවැටුම් අගය අවම වශයෙන්  ශ්‍රී ලංකා රුපියල් මිලියන 368ක් විය යුතුය. ඒ හැරෙන්නට තාක්ෂණික සුදුසුකම් සපුරාගත යුතු තවත් කොන්දේසි ගණනාවක්ම ලංසු කැඳවීමේදී ඉදිරිපත් කර තිබුණි.

මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමිතියෙන් යුත් පුහුණු හා යටිතල පහසුකම් සැපැයීමේ පරමාර්ථයෙන් ආරම්භයක් ලෙස මෙම කෘත්‍රිම ධාවන පථ ඉදිකෙරෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ මීටර 400ක දිගින් යුත් කෘත්‍රිම ධාවන පථ සහිත මෙරට ක්‍රීඩාංගණ මේ වනවිට පවතින්නේ දෙකක් පමණි. ඒ සුගතදාස පිටියේ හා දියගම මහින්ද රාජපක්‍ෂ පිටියේ කෘත්‍රිම ධාවන පථයි. ඒ හැරෙන්නට, වත්තල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයක මීටර 100 ක් දිගින් යුත් කෘත්‍රිම ධාවන පථයක් ඉදිව තිබේ.


අදහස් (0)

මීටර 130 කෘතිම ධාවන පථ 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.