Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු කාන්තා රන් පදක්කම චීනයට

මේසපන්දු කාන්තා රන් පදක්කම චීනයට

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මේසපන්දු (කාන්තා) කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම චීනය විසින් අද (5 වැනිදා) දිනාගන්නා ලදි. අවසන් තරග වටයේදී ‍සත්කාරක ජපාන‍යට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කරමින් චීන ක්‍රීඩිකාවෝ රන් පදක්කම දිනාගත්හ.

අවසන් තරග වටය මිශ්‍ර යුගල තරගයකින්, පිරිමි කේවල තරග 2 කින් සහ කාන්තා කේවල තරග 2 කින් සමන්විත විය. ඉන් මුල් තරග 3 ම ජයගැනීමට චීන ක්‍රීඩික කීඩිකාවන් සමත් වීම හේතුවෙන් සෙසු තරග 2 අත්හැර දැමිණ.

 යුගල තරගය වට 3-1 ක් ලෙස ජයගත් චීනය, ඉන් අනතුරුව පැවැති කේවල තරග දෙක පිළිවෙලින් වට 3-1 ක් සහ වට 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. මෙම තරගයෙන් පරාජයට පත්වීමත් සමග ජපානයට රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවිය.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගය වටයේදී තරග 3-1 ක් ලෙස ජර්මනිය පරාජය කිරීමට හොං කොං රාජ්‍යය සමත් විය.

-036 


අදහස් (0)

මේසපන්දු කාන්තා රන් පදක්කම චීනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.