Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසර තුළදී ශ්‍රී ලංකාව තුළ කිසිඳු පාසල් ක්‍රීඩා තරගයක් හෝ වැඩසටහනක් සංවිධානය නොකරන ලෙස සියලුම පාසල් බාලධාරීන්ට ලිඛිතව දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ දයා බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් දැනුවත් කිරීමේ ලිපිය ඊයේ (8 වැනිදා) තැපෑලට යොමු කළේය.
පාසල් ක්‍රීඩාවල අනාගතය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ දයා බණ්ඩාර මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමේදී පැවසුවේ මෙම වසරේ නැවත පාසල් ක්‍රීඩා පැවැත්වීමේ අවස්ථාවක් නොමැති බවයි.
“කිසිඳු ක්‍රීඩා ඉසව්වක් සංවිධානය නොකරන ලෙස සියලුම පාසල් බලධාරීන් මේ වන විටත් දැනුවත් කර තිබෙනවා. වර්තමාන තත්ත්වය අනුව ක්‍රීඩා ආරම්භ කරන්න නම් සෞඛ්‍ය බලධාරීන්ගෙන් නැවත අවසර ලබාගග යුතුයි. ඒත් ඒක කවදා කරන්න පුළුවන් වෙයිද කියන්න බෑ” යැයි බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.