Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෝගන්ට ලක්‍ෂ 65 ක දඩයක්

මෝගන්ට ලක්‍ෂ 65 ක දඩයක්

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව අබුඩාබි හිදි ඊයේ (23 වැනිදා) පැවැති තරගයේදී නියමිත වේලාවට යැවිය යුතු ඕවර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ඔයින් මෝගන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක දඩයක් නියම කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 65 කට ආසන්න වේ.

“නියමිත වේලාවට යැවිය යුතු ඕවර සංඛ්‍යාව නොයැවීමේ වැරදි සම්බන්ධ අයි.පී.එල් හි චර්යාධර්ම සංග්‍රහය යටතේ කණ්ඩායමේ දෙවන වරද මෙයයි. එබැවින්, කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ නායක ඔයින් මෝගන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක දඩයක් නියම විය” යැයි අයි.පී.එල් සංවිධායකයන් නිවේදනය කළේය.

ඊයේ තරගයට සහභාගිවූ කොල්කටා පිලේ සෙසු සාමාජිකයින්ටද එක් අයෙකුට රුපියල් ලක්ෂ 6 ක දඩයක් හෝ ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 25% බැගින් වූ යන දඩයන්ගෙන් අඩු දඩයක් නියම කෙරුණි. එමෙන්ම ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙම තරගවාරයේදී මෙම වරද නැවත වරක් කළහොත් නායක මෝගන්ට තරග තහනමක් ද පැනවෙනු ඇත.

මුම්බායි - කොල්කටා තරගයේදී රාහුල් ත්‍රිපාටි (නොදැවී 74) සහ වෙන්කටේෂ් අයියර් (53) වේගවත් පිතිහරඹයක නිරත වෙමින් මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලු 7 කින් පරාජය කිරීමට සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමඟ කොල්කටා පිල ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පත්ව ඇති අතර මුම්බායි පිල හයවන ස්ථානය දක්වා පහත වැටී ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව කොල්කටා නයිට් රයිඩර්ස් පිල ලබන ඉරිදා තරග බිමට පිවිසෙනු ඇත.

- 2079

 


අදහස් (0)

මෝගන්ට ලක්‍ෂ 65 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.