Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිතුදම් පාපන්දු තරග ජුනි 12 දා

මිතුදම් පාපන්දු තරග ජුනි 12 දා

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේදී ලබන ජුනි 14 වැනිදා ආරම්භවන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව සංවිධානය කෙරෙන ජාත්‍යන්තර ළමා ව්‍යාපෘති ‘මිතුදම්’ පාපන්දු (සය සාමාජික) තරගාවලිය හා ළමා පාපන්දු වැඩසටහන් මාලාව ලබන ජුනි 8 සිට 15  වැනිදා  දක්වා මොස්කව්  නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


 මෙම ළමා පාපන්දු තරගාවලිය හා ළමා පාපන්දු වැඩසටහන් මාලාව සඳහා රටවල් 211 ක් සහභාගි වන අතර ලෝක පාපන්දු සමුළුවේ සියලුම සාමාජික රටවල් ඒ සඳහා එක්ව සිටින බව වැඩසටහන් මාලාවේ සංවිධායකයෝ පවසති.  මෙම ‘මිතුදම්’ ළමා පාපන්දු තරගාවලිය සඳහා ඊට හවුල්ව සිටින සියලුම රටවල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 32 ක් සහභාගී වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජය කරමින්ද ක්‍රීඩකයකු තරගවදියි.


මෙම ළමා පාපන්දු තරගාවලිය සඳහා ලොව පුරා සිටින වයස 16න් පහල ක්‍රීඩකයන් සහභාගී වන අතර තරගාවලිය සඳහා තෝරාගත් කණ්ඩායම් 32 අතර ‘මිතුදම්’ පාපන්දු තරගාවලිය ලබන ජුනි 12 වැනිදා මොස්කව්  නුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


මෙම වැඩසටහනේ හා තරගාවලියේ අරමුණ වන්නේ සාමානාත්මතාව, සාමය හා එකිනෙකාට ගරු කිරීමේ වැදගත්කම ලොව පුරා සිටින තරුණ පරපුර අතරට ගෙන යාමයි.  ‘මිතුදම්’ ළමා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ  කාලසටන හා කණ්ඩායම් සකස් කිරීම විවෘත දිනුම් ඇදීමක් ඔස්සේ රටවල් 32කගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණි.


ඒ අනුව ශ්‍රී ලංකාවේ  ක්‍රීඩකයා තරගාවලියේදී ක්‍රීඩා කරන්නේ ‘ලයන්’ කණ්ඩායමේය. එම කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයා දැල් රකින්නා ලෙස කටයුතු කරන අතර සිංගප්පූරුව, කිලී, බහරේන්, දකුණු අප්‍රිකාව හා ආමේනියාව යන රටවල ක්‍රීඩකයෝ එම කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.


ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන ජුනි 14 වැනිදා සිට ජුලි 15 වැනිදා දක්වා රුසියාවේ ‘මොස්කව්’ ඇතුළු අවට නගර පිහිටි ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිතය. ජුලි 14 වැනිදා සමාරම්භක උත්සවයෙන් පසුව සත්කාරක රුසියාව හා සෞදිඅරාබියාව  අතර තරගයෙන් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වේ.


‘මිතුදම්’ ළමා  ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහබාගිවන ක්‍රීඩකයන්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන එම පළමු තරගය දැක බලාගැනීමේ අවස්ථාව සලසාදීමට එම වැඩසටහන අගය කරමින් ලෝක පාපන්දු සමුළුව තීරණය කර තිබේ.

මිතුදම් ළමා පාපන්දු තරගාවලියේ නිල කාලසටහන සකස් කිරීමේ අවස්ථාවක්. 

 


අදහස් (0)

මිතුදම් පාපන්දු තරග ජුනි 12 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.