Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ රයන් කෘසර් අද (5 වැනිදා) ටෝකියෝ ඔලිම්පික් උළෙලේ යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. මීටර් 23.30 ක දුරක් යගුලිය විසි කරමින් ඔහු එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාවද අලුත් කළේය.
මේ වන විට 28 වැනි වියේ පසුවන රයන්, පෙර සිටම එම ඉසව්වේ ලෝක වාර්තාවට සහ ඔලිම්පික් වාර්තාවට හිමිකම් කීවේය. ඔහු 2016 වසරේදී මීටර් 22.52 ක දුරක් විසි කරමින් ඔලිම්පික් වාර්තාවද, මෙම වසරේදී මීටර් 23.37 ක දුරක් විසි කරමින් ලෝක වාර්තාවද පිහිටුවා තිබිණ.
මීටර් 22.65 ක දුරක් යගුලිය විසි කළ ඇමරිකාවේම ජෝ කොවාක්ස් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර නවසීලන්තයේ තෝමස් වෝල්ෂ් එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 22.47 ක දුරක් යගුලිය විසි කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.