Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාවට පහසු ජයක්

යුද හමුදාවට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය අවසන් තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 43-36 කින් පරාජය කළ යුද හමුදා ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේදී 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

පොලිස් පිලේ සත්කාරකත්වයෙන් පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 31-19කින් පෙරමුණ ගැනීමටත් යුද හමුදැා ක්‍රීඩකයෝ සමත්වූහ. මේ ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේදී යුද හමුදා පිල ලැබූ ජයග්‍රහණ සංඛ්‍යාව 5ක් විය.

තරගයේ පළමු භාගය තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේ දෙපිලටම සිය අවසන් ලීග් තරගය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට තිබූ බලාපොරොත්තුව නිසාය.

යුද හමුදා පිලේ ප්‍රබලතම තුරුම්පුව වූ අෂේන් බණ්ඩාර තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ ගයාන් සාලින්ද යුද හමුදා පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන යාමෙන් පසුව පොලිස් පිලේ ක්‍රීඩකයෝ ආක්‍රමණශීලීත්වය වැඩි කළහ. ශානක හරිස්චන්ද්‍රත්, ළහිරු ගුරුසිංහත් පිට පිට තැබූ උත්සාහක දිනුම් ගෝල බවට ප්‍රවර්තනය කළ සංදේශ් ජයවික්‍රම පොලිස් පිල ලකුණු 14-7 කින් ඉහළට ඔසවා තැබුවේය.

අනතුරුව දඬුවම් පහරක් සාර්ථක කරමින් යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව  10 දක්වා ඉහළ දැමූ ගයාන් සාලින්ද ඊට මොහොතකට පසුව සුදාරක දික්කුඹුර තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් සිය කණ්ඩායමට ලකුණු 17-14 කින් පෙරමුණ ගෙන දුන්නේය. මොහොතකින් නැවතත් පොලිස් පිල ලකුණු 19-17 කින් පෙරමුණ ගත්තේ නායක රසිත් සිල්වා තැබූ උත්සාහක දිනුමකිනි.

කෙසේවෙතත් පළමු භාගය නිමාවීමට පෙර අෂේන් බණ්ඩාර සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර ඊට පසුව ශෙහාන් සිල්වාත් උත්සාහක දිනුමක් තැබුවේය. මේ උත්සාහක දිනුම් දෙකම ගෝල බවට පත් කළ ගයාන් සාලින්ද යුද හමුදා පිල ලකුණු 31-19 කින් ඉදිරියට ගෙන ගියේය.

 


අදහස් (0)

යුද හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.