Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

editorial - 2023 අගෝ මස 22 132 Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නේපාලයේ කත්මණ්ඩු නුවර ජාතික ක්‍රීඩා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු ආසියානු වයස අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස් කාණ්ඩ ද්විත්වයේම මිශ්‍ර කණ්ඩායම් ඉසව්වල රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව සමග සත්කාරක නේපාලය, බංග්ලාදේශය සහ භූතානය මෙම තරගාවලියේදී තරග වැදුණු අතර අවුරුදු 15 න් පහළ අවසන් තරගයේදී තරග වට 3-0 ක් ලෙස නේපාලය පරාජය කළ ශ්‍රී ලංකාව, අවුරුදු 17 න් පහළ අවසන් තරගයේදී බංග්ලාදේශය පරාජය කළේ තරග වට 3-2 ක් ලෙසිනි. 

අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට රනිත්මා ලියනගේ, හිරුක සහන්මිත්, අලුත් පටබැඳිගේ,  රනුමි මානගේ සහ තිඩස වේරගොඩ තරග වැදුණු අතර සෙනුත් සෙත්මිණ පෙරේරා, නෙත්මි අමායා රත්නායක, කෙනෙත් අරුක්ගොඩ සහ සිතුලි රණසිංහ අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. 

 


අදහස් (0)

යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.