Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත් දෙකම

රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත් දෙකම

editorial - 2021 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායම් දෙකටම කොරෝනා ප්‍රති එන්නතේ දෙවැනි මාත්‍රාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදී එන්නත් කෙරිණ. ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රග්බි සංගමය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළේය.

ලබන ඔක්තෝබර් මාසයේදී අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය සූදානම් ‍වෙමින් සිටින අතර කොරෝනා වසංගතයේ බලපෑම අනුව එම තරගාවලිය පැවැත්වෙන දින වකවානු වෙනස් වීමට ඉඩ තිබේ. එම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා පදනම් කරගනිමින් නොවැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීමට නියමිතය.

එම තරගාවලියෙන් අනතුරුව ආසියානු රග්බි සංගමයේ සංවිධානයෙන් දෙසැම්බර් මාසයේදී හොං කොං, දකුණු අප්‍රිකාව, චීන තායිපේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් රග්බි තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබාදීමටද ශ්‍රී ලංකා රග්බි සංගමය සූදානමින් සිටියි.

-036


අදහස් (0)

රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත් දෙකම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.