Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රට හරහා දිවීමේ තරග හෙට දියගමදී

රට හරහා දිවීමේ තරග හෙට දියගමදී

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික රට හරහා දිවීමේ තරග හෙට (18) දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය අසලදී පැවැත්වේ. එහි කාන්තා සහ පිරිමි සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙන ක‍්‍රීඩකයන් හා ක‍්‍රීඩිකාවන් පෙබරවාරි 22 වැනිදා ජපානයේදී පැවැත්වෙන ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියට සුදුසුකම් ලබන බව ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා පවසයි.

මෙම වසරට නියමිත 40 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ පළමු ක‍්‍රීඩා ඉසව්ව ලෙස මෙය සංවිධානය කෙරේ.

ඒ සඳහා සහභාගි වන්නේ දිවයිනේ පළාත් නවයෙන් තෝරා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසකි. එය එක් පළාතකින් ක‍්‍රීඩකයන් 10 දෙනකු හා ක‍්‍රීඩිකාවන් හය දෙනෙකු පරිදිය.

පිරිමි තරගයේ දුර කිලෝමීටර 12කි. කාන්තා තරගය කිලෝමීටර හයක දුරකින් සමන්විතය. දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය අසල තෝරාගත් ධාවන පථයක වට තරගයක් ලෙස මෙවර රට හරහා දිවීමේ තරගාවලිය පැවැත්වේ.

මෙවර තරගාවලියට සහභාගි වන තරගකරුවන් හා තරගකාරියන් අතර ගිය වර පිරිමි රන් පදක්කම දිනා ගත් ජී.කේ.කේ.එස්. ගුණසේකර, කාන්තා රන් පදක්කම දිනා ගත් ගීතානි රාජසේකර මෙන්ම මැරතන් ශූරයෙකු ලෙස වඩාත් ප‍්‍රසිද්ධ අජිත් බණ්ඩාර ද වෙති.

හෙට පෙරවරු 7.15ට පිරිමි තරගයද පෙරවරු 7.20ට කාන්තා තරගයද ආරම්භ වේ.
ජයසංකේත ප‍්‍රදානය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10ට සිදු කෙරේ. තරගාවලියේ රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් 25000, 20000, 15000 බැගින් ද පිරිනැමේ. කාන්තා හා පිරිමි තරග දෙකේම 10 වැනි ස්ථානය දක්වා විශේෂ මුදල් ත්‍යාගද ප‍්‍රදානය කෙරේ.

 


අදහස් (0)

රට හරහා දිවීමේ තරග හෙට දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.