Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රට හරහා දිවීම මැයි 7 දා නුවරඑළියේදී

රට හරහා දිවීම මැයි 7 දා නුවරඑළියේදී

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 42 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලිය මැයි මස 7 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.


මෙම තරගාවලියේ පිරිමි තරගය සදහා ක‍්‍රීඩා උළෙලට ඇතුළත් පළාත් නවයෙන් එක පළාතකින් ක‍්‍රීඩකයන් 10 දෙනා බැගින් ක‍්‍රීඩකයෝ 90 දෙනෙක් සහභාගිවෙති. කාන්තා තරගය ස`දහා පළාතකින් ක‍්‍රීඩිකාවන් 6 දෙනකු බැගින් ක‍්‍රීඩිකාවෝ 54 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.


සාමාන්‍ය මහා මාර්ගයකින් පිටත, ඉතා අසම ධාවන පථයක් ඔස්සේ තරගකරුවන්ට කිලෝමීටර 10 ක දුරක් දිවීමට සිදුවේ.


ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර තරගකාරීත්වය වැඩි කිරීම උදෙසා මෙන්ම ක‍්‍රීඩා ලෝලීන්ගේ ආකාර්ශනය වැඩි කර ගැනීම උදෙසා මෙවර ජාතික ක‍්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග නුවරඑළියේදී පැවැත්වීමට තීරණය කළ බව ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා ‘ලංකාදීපයට’ පැවසීය.


මෙම වසරේ ජාතික මහ ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් මස යාපනයේදී පැවැත්වීමට නියමිතය.

 

 


අදහස් (0)

රට හරහා දිවීම මැයි 7 දා නුවරඑළියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.