Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග‍්‍රහයෙන් 9 වැනි වරටත් සංවිධානය කරන 2014 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පළමු අදියර ජූලි මස 1 වැනිදා පෙරවරු 9.00 ට කිලිනොච්චිය තරුණ සේවා සභා කී‍්‍රඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම තරග මාලාව මෙවරද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කලාප, දිස්ති‍්‍රක් සහ ජාතික මට්ටමින් අදියර 3 ක් යටතේ පැවැත්වෙන අතර කිලිනොච්චිය, යාපනය, වව්නියා සහ මුලතිව් දිස්ති‍්‍රක්ක වල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ කලාප මට්ටමේ වොලිබෝල් කණ්ඩායම් වලට එහි පළමු අදියරට සහභාගී විය හැක.
ඉකුත් වසරේ පැවැති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 4667 ක් සහභාගී වූ අතර එහි ශූරතාව දිනාගැනීමට බොරලැස්ගමුව බලරැුස් කී‍්‍රඩා සමාජය සමත්විය. අනුශූරතාව නාත්තන්ඩිය යුනයිටඞ් කී‍්‍රඩා සමාජයට හිමිවිය.
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක උළෙල සඳහා විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.