Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් ගෙනා අයි.පී.එල්. ශූරයා රේගුවෙන් රඳවාගනී

රන් ගෙනා අයි.පී.එල්. ශූරයා රේගුවෙන් රඳවාගනී

editorial - 2020 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියානුවන් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජයග්‍රහණය කර දින දෙකකට පසු ක්‍රිකට් ක්‍රීඩක කුනාල් පාණ්ඩ්‍යාව ගුවන් තොටුපල රේගුව විසින් ර ඳවාගෙන තිබේ. රන් හා සුඛෝපභෝගී ඔරලෝසු රේගුව හරහා ගෙන යාමේදී නියමිත දැනුම් දීමක් කර නොතිබූ හෙයින් කුනාල්ව රේගු නිලධාරීන් විසින් නවතාගනු ලැබ ඇත.

බොහෝවිට මිල අධික ස්වර්ණාභරණ පැළඳ සිටින ඡායාරූප ගන්නා පාණ්ඩ්‍යා ඩොලර් 115,000 කට වඩා වටිනා රන් ඔරලෝසු රැගෙන යමින් සිටි අතර එය ඔහුගේ රේගු සීමාව ඉක්මවා යාමකි. ඉන්දීය ටෙස්ට් පිලේ හාර්ඩික් පාණ්ඩ්‍යාගේ සහෝදරයා වන කුනාල් පැය කිහිපයක් රඳවා සිටි නමුත් තමන් නීති රීති නොදන්නා බව රේගු නිලධාරීන්ට පැවසීමෙන් පසුව කිසිදු දඩයකට හෝ  දඬුවමකට යටත් නොවී ඔහු නිදහස් විය.

ඉන්දියාවේ දේශීය ආදායම් අධ්‍යක්ෂ මණ්ඩලය හෝ පාණ්ඩ්‍යා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.

ලොව දෙවන විශාලතම රන් පරිභෝජනය සිදුවන්නේ ඉන්දියාවේදීය. ඉන්දීය ජාතික පිරිමින්ට ඩොලර් 670 ක් වටිනා රත්‍රන් තීරුබදු රහිතව ගෙන ඒමට හැකිය. කාන්තාවන් සඳහා දීමනාව එමෙන් දෙගුණයක් වේ.

2016 දී ආනයන බදු ඉහළ දැමූ දා සිටම ඉන්දියාවේ රන් ජාවාරම ඉහළ ගොස් ඇත.

- 036

 


අදහස් (0)

රන් ගෙනා අයි.පී.එල්. ශූරයා රේගුවෙන් රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.