Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතාට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත් ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙමින් තිබෙන එංගලන්ත - ඉන්දියානු සිව්වැනි ටෙස්ට් තරගය දිගටම පවත්වාගෙන යාමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.
රවී ශාස්ත්‍රි මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඕවල් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (5 වැනිදා) පෙරවරුවේ තරගය ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදීය. ඒ සමගම පූර්වාරක්ෂාව සඳහා පන්දු යවන්නන්ගේ පුහුණුකරු භාරත් අරුන්, පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් සහ භෞත චිකිත්සක නිතින් පතෙල් යන තිදෙනාම නිරෝධායනය කර තිබේ. කෙසේ වෙතත් මෙම තිදෙනාම මුහුණ දුන් පරීක්‍ෂණ සෘණාත්මක බව ද වාර්තා වේ.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ද සෙනසුරාදා රාත්‍රියේ මෙන්ම අද (ඉරිදා) උදෑසනද වෛද්‍ය පරීක්‍ෂණ වලට මුහුණ දී ඇතත් කොරෝනා ආසාදිත නොවන බව තහවුරුවීම නිසා ක්‍රීඩකයන්ට තරගයට සහභාගි වීම සඳහා අවසර දී තිබේ.
එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් දෙතැනක සිටින අතර දෙපිරිසම සෙසු අයගෙන් වෙන්ව සිටිති. දෙපිලේ ක්‍රීඩකයන් මුහුණට මුහුණ මුණගැසෙන්නේ පිටියේදී පමණි. එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ. තරගාවලිය තරග 5 කින් සමන්විතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.