Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් පිලේ විදෙස් ක්‍රීඩකයන් 4 ට බසී

රාජස්ථාන් පිලේ විදෙස් ක්‍රීඩකයන් 4 ට බසී

editorial - 2021 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෞද්ගලික හේතුවක් මත ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමත් සමගින් රාජස්තාන් රෝයල්ස් පිල දැඩි අර්බුදයකට ලක්ව ඇත. ඒ අනුව සංචිතයේ රඳවා ගැනීමට හැකි විදෙස් ක්‍රීඩකයන් 8 දෙනාගෙන් සිව්දෙනෙකුම මේ වනවිට කණ්ඩායම අතහැර ගොස් ඇත.

මින් පෙර වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් සහ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වූ අතර ලයම් ලිවින්ග්ස්ටෝන් ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ අපහසුතා පදනම් කර ගනිමින් මෙවර තරගාවලියෙන් ඉවත්විය.

කෙසේ වෙතත්, ඇන්ඩෘ ටේ තරඟාවලියෙන් ඉවත් වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

ඒ අනුව මුස්ටෆිසුර් රෙහ්මාන්, ඩේවීඩ් මිලර්, ජොස් බට්ලර් හා ක්‍රිස් මොරිස් යන ක්‍රීඩකයන් සිව්දෙනා පමණක් මේ වනවිට කණ්ඩායම සමගින් රැඳී සිටින විදෙස් ක්‍රීඩකයෝ වෙති.

මේ වනවිට තරග 5 කට සහභාගිවී ඇති රාජස්තාන් රෝයල්ස් පිල ඉන් ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පස්වරක් ශූර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් මේ මස 29 වනදා දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී මීළඟ තරගයට මුහුණදීමට නියමිතය.
මීට දින කිහිපයකට පෙර, රාසි වැන්ඩර් ඩසන් ඉතා ඉක්මනින් රෝයල්ස් සංචිතයට එක්වන බවට වාර්තා වූ අතර ඉන්දියාවට යාම සඳහා ඔහුට වීසා ලැබෙන තෙක් බලාසිටිනු ඇත.

කෙසේ වෙතත්, මේ වන විට ඒ පිළිබඳව කිසිදු ප්‍රවෘත්තියක් නොමැති අතර රෝයල්ස් පිලට ඉතිරි කාලය සඳහා සීමිත සම්පත් ප්‍රමාණයක් ඉතිරිව තිබේ.

- 2079


අදහස් (0)

රාජස්ථාන් පිලේ විදෙස් ක්‍රීඩකයන් 4 ට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.