Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාහුල්ට බෝතල් මූඩි වලින් ගහති

රාහුල්ට බෝතල් මූඩි වලින් ගහති

editorial - 2021 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තය සහ ඉන්දියාව අතර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද එගංලන්ත ප්‍රේක්‍ෂකයන් ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට ෂැම්පේන් බෝතල මූඩි වලින් පහර දී තිබේ.

එංගලන්ත ඉනිමේ 69 වැනි ඕවරයේදී එය සිදුවී ඇත. ඒ වන විට එංගලන්ත නායක ජෝ රූට් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා පන්දුවට පහර දෙමින් සිටියහ.

අද පෙරවරුවේදී ඉන්දීය පන්දු යවන්නන්ට කඩුල්ලක් දවාගැනීමට නොහැකි වූ අතර ජෝ රූට් සිය ශතකය කරා පියමං කරමින් සිටියේය. ඒ අතරවාරයේදී හතරේ සීමාව අසළ පන්දු රකිමින් සිටි ලෝකේෂ් රාහුල් තමන් වෙත වීසි කළ යමක් දෙස බැලූ කල්හි ඒවා ෂැමේපේන් බෝතල මූඩි බව හඳුනා ගත හැකිවිය.

ඉන්දීය නායක විරාට් කෝලි ඒ සම්බන්ධයෙන් විනිසුරුවන් වන මයිකල් ගෆ් සහ රිචඞ් ඉලිංවර්ත් මහත්වරුන්ට දන්වා සිටි නමුත් අර්බුදකාරී සිදුවීමක් ඇති නොවීය.

මේ අතරවාරයේදී ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ඇඳුමෙන් සැරසුන එංගලන්ත ජාතිකයකු ක්‍රීඩා පිටියට කඩා වැදී පන්දු යවන්නකු ලෙසින් ඉල්ලීම් කරමින් සිටියේය. ඔහුව ක්‍රීඩාංගණ බලධාරීන් විසින් පිටියෙන් ඉවතට කැඳවාගෙන යන ලදි.

කොරෝනා අවදානම හේතුවෙන් දෙපිලේම ක්‍රීඩකයන් ජෛව ආරාක්‍ෂක බුබුලක සිටින බැවින් නරඹන්නන්ගේ මෙම පිටියට කඩාවැදීම් තරමක් අවදානම් සහගතය.


- 213

 


අදහස් (1)

රාහුල්ට බෝතල් මූඩි වලින් ගහති
  • iks. chandrasiri Sunday, 15 August 2021 11:04 AM

    එංගලන්ත ප්‍රේක්ෂකයෝත් ඉන්දියාවේ අය වගේ වෙලා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.