Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රැපිඩ් චෙස් ශූරිය එසඳි

රැපිඩ් චෙස් ශූරිය එසඳි

editorial - 2021 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් අන්තර් ජාලය ඔස්සේ පැවැති වයස අවුරුදු 16 න් පහළ බාලිකා රැපිඩ් චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේඑසඳි නෙවන්සා සමත් වූවාය. තරගාවලිය අවසානයේ ක්‍රීඩිකාවන් සිවු‍ දෙනෙක් ලකුණු 6 බැගින් ලබා සම තත්වයේ පසු වුවද, සම ලකුණු බිඳ දැමීමේ නීතියට අනුව නෙවන්සා එහි ශූරතාවට හිමිකම් කීවාය.

තරඟාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ නෙවන්සා පළමු දිනයේදී ඇය ලකුණු 4 ක් ලබා ගත් අතර දෙවැනි දිනයේදී ලකුණු 2 ක් ලබාගත්තාය.

කාන්තා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන අශ්විනි පවලචන්ද්‍රන් සහ දෙසදි ගමගේද නෙවන්සා හමුවේ පරාජයට පත්වූහ. නෙවන්සා පරාජයට වූයේ තරුෂි සන්දීපනිට එරෙහිව පැවති තරගයේදී පමණි.

ජේ.එම්.සී. ජාත්‍යන්තර විද්‍යාලයේ පියුමි අමරතුංග තරගාවලියේ අනු ශූරතාව හිමිකරගැනීමට සමත් වූවාය. පළමු දිනයේ සියලුම තරග ජයගත් පියුමි, දෙවැනි දිනයේදී දෙසදි ගමගේ හමුවේ පරාජය වූ නමුත් එච්‍.එම්.එම්.ඩී. හේරත් සහ අශ්වින් පවලචන්ද්‍රන් පරාජය කරමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වූවාය.

ලකුණු 6 බැගින් ලබා සිටියද සම ලකුණු බිඳ දැමීමේ නීතියට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙසදි ගමගේ තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ අතර දේවි බාලිකා විද්‍යාලයේ තරුෂි සන්දීපනිට එහි සිව්වැනි ස්ථායෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.   

තරගාවලියේ ශූරියට කුසලානය, රන් පදක්කම සහ සහතිකය පිරිනමන ලද අතර අනු ශූරතාවය සහ තෙවැනි ස්ථානය සඳහා පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් සමඟ සහතික පත් පිරිනමන ලදී. සී.එෆ්.එස්.එල්. නීතිය යටතේ සෙසු තරග කරුවන්ට සහතික පිරිනැමිණ.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 70 ක් සහභාගි වූ අතර අවසන් වටයෙන් පසුව පළමු ස්ථාන 10 අතරට පැමිණි ක්‍රීඩිකාවන් පහත දැක්වේ.


1. එසදි නෙවන්සා - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (ලකුණු 6)
2. පියුමි අමරතුංග - කළුතර ජේ.එම්.සී. ජාත්‍යන්තර විද්‍යාලය (ලකුණු 6)
3. දෙසදි ගමගේ - සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය (ලකුණු 6)
4. තරුෂි සන්දීපනි - දේවි බාලිකා විද්‍යාලය (ලකුණු 6)
5. ටෙනුලි රත්නායක - ආනන්ද බාලිකා විද්‍යාලය (ලකුණු 5.5)
6. අශ්විනී පවලචන්ද්‍රන් - විචර්ලි ජාත්‍යන්තර පාසල (ලකුණු 5)
7. ප්‍රසන්සා ප්‍රේමනාත් - මහනුවර උසස් බාලිකා විද්‍යාලය (ලකුණු 5)
8. නෙමින්දි රාමනායක - වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය (ලකුණු 5)
9. ඔනෙලි විල්වලාරච්චි - ගෝතමී බාලිකා විද්‍යාලය (ලකුණු 5)
10. එච්.එම්.එම්.ඩී හේරත් - කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය (ලකුණු 5)

 


අදහස් (0)

රැපිඩ් චෙස් ශූරිය එසඳි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.