Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිදී පදක්කම දිනා එති
ආසියානු ක්‍රීඩා 2023

රිදී පදක්කම දිනා එති

editorial - 2023 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී කාන්තා  ක්‍රිකට් රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බ්‍රහස්පතින්දා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මෙසේ පැවසුවාය.

“මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව. මේ අවුරුද්ද අපට හොද වසරක්. අපි එංගලන්තය පරවා විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය කළා.  ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා.“

“අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමටයි. අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා. පිතිහරඹයත් දියුණු කරල හදා ගන්න ඕනෑ. එමගින් අපිට ලෝක ශූරතාවය දිනා ගැනීමට පුළුවන්“ යයි ඇය පැවසුවාය .


අදහස් (0)

රිදී පදක්කම දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.