Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුහුණු නිල් මහ සටන හෙට සිට

රුහුණු නිල් මහ සටන හෙට සිට

editorial - 2023 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මාතර ශාන්ත තෝමස් විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර 123 වැනි වරට පැවැත්වෙන ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (24 වැනිදා) සිට 26 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර 24 වැනි වාර්ෂික එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 8 වැනිදා එම ක්‍රීඩාංගණයේදීමය. 

මේ දක්වා පැවැති තරග 122 න් 32 ක් ජයගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත්ව ඇති අතර සර්වේෂස් විදුහල තරග 27 ක් ජයගෙන තිබේ. සර්වේෂස් විදුහල අවසන් වරට මහ ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ 1971 වසරේදී නිමල් මුණවීරගේ නායකත්වය යටතේය. 2017 වසරේදී තාරක දුෂ්මන්තගේ නායකත්වය යටතේ ශාන්ත තෝමස් විදුහල අවසන් වරට ඉන් ජය ලැබුවේය. 

වසර 5 ක් පුරා තමන් සන්තකයේ රඳවාගත් ශූරතා කුසලාන රැක ගැනීමේ අරමුණින් මෙවර ශාන්ත තෝමස් විදුහල තරග බිමට පිවිසෙද්දී, සර්වේෂස් විදුහල දශක 5 කට පසුව ජයග්‍රහණයක් සොයමින් තරග බිමට පිවිසෙනු ඇත. සෙනුර පෙරේරාගේ නායකත්වය යටතේ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙවර මහ තරගයට එක්වන අතර එහිදී ශාන්ත සර්වේෂස් විදුහල් කණ්ඩයම මෙහෙයවීමේ වගකීම චිරාන් නෙත්තරුට හිමිව තිබේ. 

මෙම විදුහල් දෙකම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස යටතේ තරග වදින අතර ශාන්ත තෝමස් විදුහල එහි ‘ඒ’ කාණ්ඩයෙන්ද, සර්වේෂස් විදුහල ‘බී’ කාණ්ඩයෙන්ද තරගාවලියට එක්ව සිටියි. ශාන්ත තෝමස් විදුහලට මෙවර තරගවාරයේදී (2023) කැපී පෙනන දස්කම් දැක්වීමට නොහැකි වූ නමුත්, සර්වේෂස් විදුහල ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනිමට සමත්වි සිටියි. 

ශාන්ත තෝමස් විදුහල් සංචිතය 
සෙනුර පෙරේරා (නායක), ලෝෂිත දක්සිත් (උප නායක), පෙසඳු ජයතිලක, නවිජ ද සේරම්, දුමිඳු එදිරිසිංහ, අබ්දුල් මජීඩ්, කුමේෂ් නුවන්ජන, සංජු දිල්ෂාන්, දිනත් සංචිත්, චමිඳු රෂ්මික, සසිඳු ජයසේකර, ඔචින්ත ගුණවර්ධන, නෙත්මින ජයතුංග, කේ.එස්. ද සිල්වා, ජී.ටී. නිම්නෙත්, භානුක ඉන්සුමාල්, එස්.යූ. ජයවර්ධන, එම්.ටී. පිවිතුරු, එම්.යූ. අමරසිංහ, මනූෂ යොනාල්, ඩබ්ලිව්.පී. ප්‍රමුදිත, ජිමුත් දිනානායක, පී.එස්. නිසසල සහ තත්සර දෙව්මිත්, 
අරවින්ද වීරක්කොඩි මහතා (විදුහල්පති), ජගත් කුමාර මහතා (ප්‍රධාන පුහුණුකරු), සුදේෂ් ශිරන්ත මහතා (සහාය පුහුණුකරු) සහ අසංග පෙරේරා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) 

 

ශාන්ත සර්වේෂස් විදුහල් සංචිතය 
චිරාන් නෙත්තරු (නායක), තරුෂ් දමිඳු (උප නායක), එම්.එම්. චාල්ස්, දෙනුවන් ප්‍රමෝද්, කුෂාන් විජේමාන්න, අහමඩ් සජීඩ්, රිසිනු කිත්මුක, දිනිරු අබේවික්‍රමසිංහ, චමරිඳු නෙත්සර, චතුම් බිම්සර, කළණ සංකල්ප, තාරුක ඉමාදිත්, අෂාන් හිරුෂ, චලන ඉදුෂ, ටිසාන් දෙව්මිත්, විශ්ව සුපුන්, ප්‍රවීන් මධුෂංඛ, අම්රි අහමඩ්, රවීන් කවින්ත, රසිඳු ඉමල්ෂ, කවිත් රන්සර, හේෂාන් හිරුෂ, විරාන් චමුදිත, තරිඳු ධනුෂ්ක, සමිරු ගිම්හාන්, බිනාල් නෙත්මක සහ ප්‍රනීත් මිහිරංග 
එල්. බී. විරාජිත් මහතා (විදුහල්පති), පී.බී. බුද්ධික මහතා (ප්‍රධාන පුහුණුකරු), කවිඳු දුලක්ෂිත මහතා (සහාය පුහුණුකරු) සහ අයි.ජී. චාමර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) 

 


අදහස් (0)

රුහුණු නිල් මහ සටන හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.