Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)
බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 34 වැනි වරතේ පැවැති ‘වීර සටන‘ ක්‍රිකට් තරගයේදී රේවත විද්‍යාලය කඩලු 10 යකින් ජය ගත්තේය.
මේ ජයත් සමග රේවත විදුහල මෙම තරගාවලියේදී තරග 14 ක් ජයගෙන තිබේ.
සිද්ධාර්ථ විදුහල් පිටියේ පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ සිද්ධාර්ථ විදුහල පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියද ලබාගත හැකිවූයේ ඕවර 50.2 කදී සියලුදෙනාම දැවී 133 ක් පමණි. එහිදී සිද්ධාර්ථ විදුහලේ දමික අකලංක ලකුණු 62 ක් ලබාගත්තේ එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.
සිය පළමු ඉනිමේදී රේවත විදුහල් ක්‍රීඩකයෝ වේගවත් ලකුණු රැස් කිරීමක නිර වෙමින් ඕවර 57.3 කදී ලකුණු 230 ක් ලබා ගත්හ. ෂෙහාන් මධුසංක (81) සහ පූර්ණ මෙන්ඩිස් (40) වැඩි ලකුණු ලබාගනිමින් පළමු ඉනිමේදී ලකුණු 97 ක වාසියක් අත්කර ගත්හ.
දෙවැනි ඉනිම සදහා පිටියට පැමිණි සිද්ධාර්ථ විදුහලට ලබා ගතහැකිවූයේ ලකුණු 98 ක් පමණක්වූ අතර එය ඉනිමක පරාජයෙන් බේරීමට ප්‍රමාණවත් විය.
ජය ලබා ගැනීමට ලකුණු 2ක් අවශ්‍යව පිටියට ගිය රේවත විදුහල් ආරම්භක පිතිකරු යුගලය පළමු ඕවරයේ හතර වැනි පන්දුවේදී හතරේ පහරකින් සිය විදුහලට කඩලු 10 ක ජයක් ලබා දුන්හ.
සිද්ධාර්ථ විදයාලය - පළමු ඉනිම ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 133
(දමික අකලංක 62, පසන්න ද සිල්වා 30, අමිල මෙන්ඩිස් 19/2, දිනුර නෙත්මින 27/3)
රේවත විදයාලය - පළමු ඉනිම ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 230
(ෂෙහාන් මධුසංක 81,සෙතුක පෙරේරා 33 ,කුසුන් මංජුක 24, පසන්න ද සිල්වා 52/5,ගයාන් ද සොයිසා 65/2,කවීෂ් චමල්ක 35/2)
සිද්ධාර්ථ විදයාලය - දෙවැනි ඉනිම ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 98
(කවිශ්ක දුලංජන 17, දෙව්මිත් හෙට්ටිආරච්චි 15, කමේෂ් චතුරංග 2/4, සෙතුක පෙරේරා 21/2)
රේවත විදයාලය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.