රෝහිත් ෂර්මා කඩුල්ල පනී
බැංගලෝර්හී ජාතික ක්‍රිකට් ඇකඩමියේදී සිකුරාදා (11 වැනිදා) පැවැති යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ රෝහිත් ෂර්මා ලබන සතිය මුලදී ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යනු ඇත. ජාතික ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්ෂ රාහුල් ද්‍රාවිඞ් මහතා විසින් රෝහිත්ගේ යෝග්‍යතා පරීක්ෂණය අධීක්ෂණය කරන ලදි.
ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය මේ මස 17 වැනිදා පැවැත්වෙන දිවා-රාත්‍රී තරගයෙන් ආරම්භ වේ. ඕස්ටේ්‍රලියාවේ පවතින දින 14 ක නිරෝධයන නීතිය හේතුවෙන් රෝහිත්ට පළමු ටෙස්ට් තරග 2 මඟහැරී යනු ඇත.
ආබාධයක් හේතුවෙන් අයි.පී.එල් තරගාවලියේදී තරග 4 ක් අහිමිවූ රෝහිත් ෂර්මා නැවත පැමිණ පන්දු 51 කදී ලකුණු 68 ක් ලබාගනිමින් පස්වන අයි.පී.එල් කුෂලානයද මුම්බායි පිලට දිනා දීමට සමත්විය. කෙසේ වෙතත් ආබාධය සම්පූර්ණයෙන් සුවනොවී තිබීම හේතුවෙන් නොවැම්බර් 11 වැනිදා ඩුබායි සිට සිඞ්නි වෙත පියාසර කළ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට රෝහිත් ෂර්මාට අවස්ථාව හිමිනොවීය.
“අයි.පී.එල් තරගාවලියේදී ආබාධයකට ලක්වී දැන් මෙහි (ඕස්ටේ්‍රලියාවේ) සිටිමින් සුවය ලබන රි්දිමාන් සහාගේ ප්‍රගතිය ගැන අපි දන්නවා. ඔහුගේ සුදුසු බව තහවුරු කර ගැනීම සඳහා ඔහු නිවැරදි මාවතේ ගමන් කරනවා.”
“ඉෂාන්ත් හා රෝහිත් දෙදෙනාටත් එසේ කරමින් ටෙස්ට් තරගමාලාව ආරම්භයේදීම ක්‍රීඩා කිරීමට සහ නියමිත වේලාවේදී අවස්ථාව ලබා ගැනීමට තිබුණා.” යැයි කෝලි පවසා තිබේ.
- 2079