Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
3මෙම මස 21 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා යොමු කළ දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම් මෙම මස 20 වැනි දින සලකා බැලීම සඳහා දින නියම කළේය.
මෙම පෙත්සම් රිට් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබිණ. එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා නොතීසි ලැබී නොමැතිබවට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම පසුවට කල් දැමිණ.
වත්තල හැඳල මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරනු ලැබ ඇත.
පෙත්සමේ මෙසේ සඳහන්වේ.
පෙත්සම්කරුවෝ පිළිවෙලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්ධූර සඳහා ඉදිරි නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කළහ. එහෙත් පෙත්සම්කරුවන් දෙදෙනාගේම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කෙරිණ. මේ පිළිබඳ කිසිදු කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා නොදී තම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම ස්වභාවයුක්ත මූලධර්මයන්ට පටහැනි වේ.
එබැවින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරන ලෙසද, තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට නියෝග කරන ලෙසද, මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරා මෙම මස 21 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.