Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සුපර් ප්‍රීමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29 වැනිදා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ජොන් කීල්ස්, සී.ඩී.බී ෆිනෑන්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් සමත්වූහ.
හේලීස් පිලට එරෙහිව ලකුණු 28 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිලද, මෝඩ් ඉංජිනියර්ස් පිලට එරෙහිව ලකුණු 105 ක ජයක් හිමිකර ගැනීමට සී.ඩී.බී ෆිනෑන්ස් ද සමත්විය. අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අතරමඟ නතර කළ සම්පත් බැංකු සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16 ක ජයක් සම්පත් බැංකු පිලට හිමිවිය.
අද පැවැති තරග වලදී ශතකයක් හිමිකර ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සම්පත් බැංකු පිලේ ලසිත් අබේරත්න සමත්විය. පන්දු 108 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 106 ක් ලබාගැනීමට ලසිත් අබේරත්න සමත්විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ජෝන් කීල්ස් පිලේ අකිල ධනංජය හේලීස් පිලට එරෙහිව කඩුලු 4 ක් දවාගැනීමටස සමත්විය.
ජෝන් කීල්ස් පිලට ලකුණු 28 ක ජයක්
හේලීස් සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
ජෝන් කීල්ස් - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී 183
(අකිල ධනංජය 50, කවින් බණ්ඩාර 50, චතුරංග ද සිල්වා 40/3, තිලකරත්න සම්පත් 33/2, ප්‍රභාත් ජයසූරිය 47/2)
හේලීස් - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී 155
(රොන් චන්ද්‍රගුප්ත 48, විශාද් රන්දික 45, ළහිරු සමරකෝන් 38, අකිල ධනංජය 39/4, සචිත ජයතිලක 07/3)
සී.ඩී.බී පිලට ලකුණු 105 ක ජයක්
මෝඩ් ඉංජිනියර්ස් සහ සී.ඩී.බී ෆිනෑන්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.ඩී.බී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 266
(මුදිත ලක්ෂාන් 5, ළහිරු උදාර 43, ධනුෂ්ක ප්‍රසාද් 28, ඇන්ජලෝ පෙරේරා 25, ළහිරු මදුශංක 24, හසිත පෙරේරා 23. ඉසුරු උදාන 28/2, මිලාන් ප්‍රියනාත් 59/2, රවීන් සේයර් 62/2)
මෝඩ් ඉංජිනියර්ස් - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී 161
(ඩිලාන් ජයලත් 50, සංගීත් කුරේ 31, ලක්ෂිත රසාජංන 18/3, ළහිරු මදුශංක 29/2, ඇන්ජලෝ පෙරේරා 33/2)
සම්පත් බැංකු පිලට ලකුණු 16 ක ජයක් (ඩක්වත් ලුවිස්)
සම්පත් බැංකු සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සම්පත් බැංකුව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 303
(ලසිත් අබේරත්න 106, සහන් ආරච්චිගේ 81. ආකාෂ් සේනාරත්න 48, සමීන් කඳනආරච්චි 29, මාධව වර්ණපුර 43/2, ගයාන් සිරිසෝම 50/2, විමුක්ති පෙරේරා 61/2)
හැටන් නැෂනල් බැංකුව - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී 221
(දිල්ෂාන් මුණවීර 83, මාධව වර්ණපුර 27, චාමර සිල්වා 43, ශිරාන් ප්‍රනාන්දු 43/3)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.