Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලුම්බිණියෙන් මහානාමයට ප්‍රහාරයක්

ලුම්බිණියෙන් මහානාමයට ප්‍රහාරයක්

editorial - 2022 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ අද (24 වැනිදා) පැවති තරගයකදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 20-13 ජයක් වාර්තා කිරීමට කොළඹ ලුම්බිණි විදුහල සමත් විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ලුම්බිණි විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය. මහානාම විදුහල එහිදී ලකුණු ලබා ගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගිනි.

මහානාම විදුහල මෙවර තරගාවලියේදී සහභාගි වූ තෙවැනි තරගය මෙය වූ අතර එහිදී ලැබූ දෙවැනි පරාජයද මෙය විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ලුම්බිණී විදුහල එහිදී ලැබූ පළමු ජය මෙය විය.

 


අදහස් (1)

ලුම්බිණියෙන් මහානාමයට ප්‍රහාරයක්
  • Indikaudayanga Tuesday, 26 July 2022 12:39 PM

    නියමයි..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.