Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රුසියාවේ ‘ඇනීකා’ නගරයේදී හෙට (16) ආරම්භ වන ලෝක මල්ලවපොර ශූරතා කණිෂ්ඨ තරගාවලියට සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු හා එක් පුහුණුකරුවකුගෙන් සමන්විත කණ්ඩායමකි.
වසර තුනකට වරක් පමණක් පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්‍ඨ මල්ලවපොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන පළමු අවස්ථාව එය වීමයි.
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වත්මන් සභාපති සරත් හේවාවිතාරණ මහතා ලෝක මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානීන් හා පවත්වාගෙන යන සමීප සබඳතා ප්‍රයෝජනයට ගනිමින් මෙම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ලබාගැනීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් සංචාරය සඳහා අවශ්‍ය මුදල් සොයාගත නොහැකිවීම හේතුවෙන් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුට සහ කළමණාකරුවාටද සංචාරයට එක්විය නොහැකි විය.
ඇන්තනි චමෝද් නෙත්මිණ (කිලෝග්‍රෑම් 70 බර පංතිය පිරිමි), චමෝද්‍යා කේෂාණි (කිලෝග්‍රෑම් 53 බර පංතිය කාන්තා) හා නෙත්මී අහිංසා ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 57 බර පංතිය කාන්තා) පළමු වතාවට ලෝක කණිෂ්ඨ මල්ලවපොර තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. ඔවුන්ගේ පුහුණුකරු ලෙස සුරංග කුමාර මහතා මෙම තරග සංචාරයට එක්ව සිටියි.
මේ වනවිට ලෝක මල්ලවපොර (කාන්තා) කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් අනුව 12 වැනි ස්ථානයේ පසුවන නෙත්මි ප්‍රනාන්දු ගේ දක්ෂතා කෙරෙහි ශ්‍රී ලංකාව වඩාත් අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පවසයි.
ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර තරගාවලියෙන් අවසන් මොහොතේ රටවල් ගණනාවක් ඉවත්ව ඇතැයිද වාර්තා වේ.
පසුගිය අප්‍රේල් මාසයේ කසකස්තානයේ ‘අල්මති’ නගරයේ පැවැති ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලිය සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.