Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලාන දිනුවොත් කෝටි 20 ක්

ලෝක කුසලාන දිනුවොත් කෝටි 20 ක්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය ජයගැනීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක් විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. කී‍්‍රඩකයන්ගේ දීමනාවද එක්වූ කල්හි ශී‍්‍ර ලංකාවේ මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 20 කට ආසන්න වේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව අද (4 වැනිදා) පෙරවරුවේදී විශේෂ රැස්වීමක් කැඳවමින් ඩොලර් මිලියනයක විශේෂ ත්‍යාගයක් කී‍්‍රඩකයන්ට පිරිනැමීමට තීරණය කළේය. එහි වටිනාකම ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 13 ඉක්මවයි.

මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක (රුපියල් හයකෝටි පනස් ලක්‍ෂයකට වැඩි) දීමනාවක් කී‍්‍රඩකයන්ට ගෙවීමට එකග ව සිටියේය.

(ඇමරිකානු ඩොලරයක ආසන්න වටිනාකම රුපියල් 130 ක් වශයෙන් ගනු ලැබ ඇත)

 


අදහස් (5)

ලෝක කුසලාන දිනුවොත් කෝටි 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.