Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක තරගාවලි 3 කට ඇස

ලෝක තරගාවලි 3 කට ඇස

editorial - 2021 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2024 සිට 2031 දක්වා කාලය තුල පවත්වනු ලබන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර (පිරිමි) තරගාවලි 3 ක් සංවිධානය කිරීම සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක්, එක්දින ලෝක කුසලාන තරගාවලියක් සහ ශූරයන්ගේ කුසලාන තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථා සඳහා ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

විස්සයි-20 සහ එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තවත් සාමාජික රටක් හෝ කිහිපයක් සමගින් එක්ව සහයෝගයෙන් ඒකාබද්ධව තරගාවලිය සංවිධානය කිරීමට ඉල්ලා සිටිනු ඇත. එහෙත් ශූරයන්ගේ කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකියාව තිබේ.

ඉතාමත් හොඳ තත්ත්වයේ ආලෝක පද්ධතීන්ගෙන් යුත් ක්‍රීඩාංගණ 4 ක් (ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ දඹුල්ල) ශ්‍රී ලංකාවෙ තිබීම ඊට හේතුවයි.

 


අදහස් (0)

ලෝක තරගාවලි 3 කට ඇස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.