Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජපානයේ කෝබේ නුවරදී නිමාවට පත්වු ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලූ අන්තර්ජාතික පැරලිම්පික් කමිටුව ඔහුගේ පැරා මලල ක්‍රීඩකත්වය වහාම අත්හිටුවීමට තීරණය කර තිබේ.
එහිදී ඔහු එක් අතක් අප්‍රාණික හෝ ආබාධ හෙවත් එෆ් 46 කාන්ඩයෙන් හෙල්ල විසි කිරීම ඉසව්වෙන් තරග වැදී කෝබේ ලෝක ශූරතාවලියේදී දිනා ගත් රිදී පදක්කම ඔහුගෙන් ඉවත් කිරිමටද තීරණයවී තිබේ.
ඔහුට එෆ් 46 කාන්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් නැතැයි කෝබේ තරගාවලියේදී ඉන්දිය කණ්ඩායමේ වෛද්‍යවරයෙකු විසින් කළ පැමිණිල්ලකින් පසුව ඔහුගේ ආබාධ පවතින බව කියන කියන අතේ සියලු ආකාරයේ ඉරියව් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශනද යොදා ගනිමින් විමර්ෂනයක් මෙහිදී සිදු කර තිබේ.
එයින් පසුව ඔහුට එරෙහිව මෙම තීන්දුව ලබාදී තිබේ.දිනේෂ් කෝබේ තරගාවලියේදී රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 62.04 ක් දුරට හෙල්ල විසි කරමිණි.ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී (2020 - පැවැත්වුණේ 2021දී ) දිනේෂ් ටී.46 කාන්ඩයේ හෙල්ල විසි කිරිම ඉසව්වෙන් මීටර් 67.79 කට රන් පදක්කම දිනා ගත්තේ එහි ලෝක වාර්තාව පිහිටුවමිණි.
එයින් පසු ඔහුට ලෝකයේම අවධානය හිමිවූ අතර මෙම ක්‍රීඩකයා මේ දක්වා පැරලිම්පික් පදක්කම් දෙකක් හා ලෝක ශූරතා පදක්කම් තුනක් ප්‍රධාන වශයෙන් දිනා ඇත.
දිනේෂ් ප්‍රියන්ත මේ වන විට 38 හැවිරිදි වියේ පසු වන අතර යුද හමුදා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ වම් අතට වෙඩි වැදීමෙන් ඔහු ආබාධ තත්ත්වයකට පත්ව තිබේ.
කෝබේ සිදුවීම සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ ජාතික පැරලිම්පික් කමිටුවේ ජාත්‍යන්තර සම්බන්ධ්කරණ නිලධාරී ප්‍රියන්ත පීරිස් මහතා දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩා දිවියෙන් සමු ගැනීම වෙනුවෙන් ඉදීරියේදී ගෞරවණීය සමුගැනීමේ උත්සවයක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් සූදානම් කරන බව පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දිනේෂ් ප්‍රියන්තගේ අදහසවී ඇත්තේ සිය දෛනික වයායාම් මෙන්ම ශාරිරික අභයාස හේතුවෙන් සිය අතේ පවතින ආබාධ තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන නිසා මෙවැනි චෝදනාවන් එල්ලවෙමින් තිබෙන බව සිය විශ්වාසය බවත්ය.
කෙසේවුවත් දිනේෂ්ට පැනවෙන වාරණය අතීතයට බලනොපාන බැවින් ඔහුගේ ලෝකවාර්තාව ඇතුළුව එතෙක් දිනූ පදක්කම් වලට එයින් බලපෑමක් එල්ල නොවේ.
කෝබේ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය.සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.