Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටය යටතේ මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කඳාන ද මැසිනොද් විදුහල හෙට (5 වැනිදා) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගනු ලැබුවේ ශාන්ත ජෝෂප් විදුහල විසිනි.
මූලික වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස සාන්ත තෝමස්, මොරටුව ශාන්ත සෙබස්තියන්, මාතර ශාන්ත තෝමස් සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත ජෝෂප් විදුහල, එහිදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ෂෙවෝන් ඩැනියෙල් විසින් මෙවර තරග වාරයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. එම කණ්ඩායමට ක්‍රීඩා කරන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කඩුලු රකින ක්‍රීඩක සදීෂ් ජයවර්ධනද ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.
මූලික වටයේදී කොළඹ මහානාම සහ කුරුණෑගල මලියදේව විදුහල් හමුවේ පරාජයට පත් වුවද, මහනුවර ත්‍රිත්ව, කැලණිය ගුරුකුළ සහ මොරටුව වේල්ස් කුමර විදුහල්වලට එරෙහිව ජය වාර්තා කරමින් මැසිනොද් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසියේ කොළඹ නාලන්දා විදුහල පරාජය කරමිනි. රුවීන් ෆොන්සේකා මැසිනොද් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
ශාන්ත ජෝෂප් විදුහල් සංචිතය
ෂෙවෝන් ඩැනියෙල් (නායක), දුනිත් වෙල්ලාලගේ, සදීෂ් ජයවර්ධන, හිරුන් මතීෂ, මිතිර තේනුර, හිරාන් ජයසුන්දර, එල්. දිසානායක, ආර්.එච්. අමරසිංහ, දේෂාන් සෙනෙවිරත්න, ළහිරු අමරසේකර, අභිෂේක් ජයවීර, කෙනත් සස්මින, ශෙනුක් සේරසිංහ, සෙනෝධ් දුල්වින්, දිනෙත් ජයකොඩි, ආසිරි කල්දේරා (ක්‍රීඩා භාර ආචාර්ය), ඩිලාන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), කවිඳු පෙරේරා (පුහුණුකරු) සහ ළහිරු වික්‍රමසිංහ (පුහුණුකරු)
කඳාන ද මැසිනොද් විදුහල් සංචිතය
රුවීන් ෆොන්සේකා (නායක), ලෙස්ටර් ජයවීර, මිතුල් සෙනරත්, ශෙනාෂ් ප්‍රනාන්දු, සලිඳු පතිරණ, අෂේන් සිල්වා, තරීන් සංඛේත්, සිහින සිතුමින, සිතුම් ප්‍රනාන්දු, චානුක සිල්වා, උවිඳු පෙරේරා, විහාස් මිනන්, මලීෂ මිහිෂාන්, මිෂේන් ප්‍රනාන්දු, කෙනුල් ධනංජය, මලික් කීර්ති (ක්‍රීඩා භාර ආචාර්ය), ප්‍රසන්න විෂ්වනාත් (ප්‍රධාන පුහුණුකරු) සහ තරිඳු රුක්ෂාන් (සහායක පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.