Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනාම අයි.පී.එල්. තරගාවලිය සඳහා තෝරාගනු ලැබ ඇතත් ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය තවමත් ලබාගෙන නැති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ඔවුන් දෙදෙනා අයි.පී,එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිවක් නොදන්නා බවයි.
“අපිට ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙන්න තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් කොහේ සෙල්ලම් කළත් ක්‍රිකට් ආයතනයෙන් අවසර ගන්න වෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ 18 දෙනාට ඇතුළත්ව සිටිති. එබැවින් ඔවුන් අයි.පී.එල්. තරගාලියට පමණක් නොව, ලෝකයේ කොතැනක ක්‍රීඩා කළද ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් නැති බවට සහතික කෙරෙන ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගත යුතුව තිබේ.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාම පසුගිය බංග්ලාදේශ සංචාරයේ සිට දිගින් දිගටම ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය විසින් සංවිධානය කරනු ලබන විස්සයි-20 ආරාධිත තරගාවලියෙන් මුදාහැර තිබේ. එහෙත් දෙදෙනාම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුවීම් කරති.
වනිඳු හසරංග මෙන්ම දුෂ්මන්ත චමීරද අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කිරීමට නියමිතය.
ඔවුන් දෙදෙනාට ඇති අනෙක් ප්‍රශ්නය වන්නේ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයයි. එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා (26 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිතය. සැප්තැම්බර් 2 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය සැප්තැම්බර් 14 වැනිදා අවසන් වේ.
අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 19 වැනිදාය. කෙසේ වෙතත් එක් ජෛව බුබුළකින් තවත් ජෛව බුබුළකට මාරු වීමට අයි.පී.එල්. බලධාරීන් අවසර දී තිබීම නිසා මෙම ප්‍රශ්නයට යම් තරමක විසඳුමක් තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.