වැටුප් කප්පාදුවට එංගලන්ත ක්‍රීඩකයෝ එකඟ වෙති

කොරෝන වයිරස් වසංගතය හේතුවෙන් වියදම් අඩු කිරීමේ එක් පියවරක් ලෙස එංගලන්තයේ ප්‍රධාන ගිවිසුම්ගත ක්‍රීඩකයින්ගේ වැටුපෙන් 15% ක් කප්පාදු කිරීමට ක්‍රීඩකයෝ එකඟ වී සිටිති. කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දැනටමත් ඩොලර් මිලියන 100 කට වඩා (ඩොලර් මිලියන 130) අහිමි වී ඇති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පවසන අතර මූල්‍ය අර්බුදය හේතුවෙන් රැකියා 62 ක් කපා හරින බවද එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පසුගිය මාසයේ නිවේදනය කළේය.
ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට ගිවිසුම්ගත ක්‍රීඩකයන් එකඟවූ බව හිටපු නායකයකු වන ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ක්‍රිස් වෝක්ස් මෑතකදී පවසා තිබිණ.
ඔක්තෝබර් 1 වන දින ආරම්භ වූ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් ටෙස්ට් ක්‍රීඩකයකුට ස්ටර්ලිං පවුම් 650,000 ක් සහ සීමිත ඕවර සඳහා ගිවිසුම්ගත ක්‍රීඩකයකුට සඳහා ස්ටර්ලිං පවුම් 275,000 ක් ගෙවීමට එකඟවී තිබේ.
“අපේ ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් අතර තියෙන සම්බන්ධතාව ඉතාමත් ශක්තිමත් එකක්. ඒ වගේම ජෝ රූට් සහ ඔයින් මෝගන් දෙදෙනාගේ නායකත්වය මත, අපේ ක්‍රීඩකයන් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඉතාමත් පැසුණු බුද්ධියකින් කටයුතු කර ඇති බවත් අපි වටහා ගන්න ඕනා“ යයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා පැවසීය.
“අපට දැන් මෙම ගිවිසුම ගොඩනඟා ගැනීමට අවශ්‍ය වන අතර ක්‍රීඩකයින්ගේ සුභසාධනය, විශේෂයෙන් මානසික සෞඛ්‍යය සහ තවත් මේ සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් සමඟ එක්ව කටයුතු කිරීමට අප ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා. අපි මේ වසංගතය සමගින් දිගටම ගමන් කරනවා.
“මෙය පෙර නොවූ විරූ කාලයක් වන අතර නැවත වරක් ක්‍රීඩකයින් පෙන්වා දී ඇත්තේ මෙම වසංගතයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හැකි තරම් ශක්තිමත් ස්ථාවරයක් ලබා ගැනීමට උපකාර කිරීමේදී ඔවුන් ඉටුකරන වැදගත් කාර්යභාරය මුළුමනින්ම අගය කරන බව.” නියෝජිතයන්ගේ සභාපති රිචඞ් බෙවන් මහතා පැවසුවේය.
- 2079