Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙම මස 10 වැනිදා සිට 18 වැනිදා දක්වා කිරිගිස්ථානයේදී පැවැත්වීමට නියමිතය වයස අවුරුදු 23 න් පහළ මල්ලවපොර ශූරතාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා සිටින පාසල් ක්‍රීඩකයන් දෙදෙනකුට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වැඩ බලන ලේකම්වරයාගේ නොසැලකිල්ල හේතුවෙන් එම තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ අවද්‍රනමක් පවතින බව ‘ලංකාදීප’යට වාර්තා වේ.
උක්ත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ඉකුත් මැයි මස 22 වැනිදා අවසන් වී ඇති අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ක්‍රීඩකයන් 6 දෙනාගෙන් සිවු දෙනෙක් පමණක් තරගාවලිය සඳහා ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වැඩබලන ලේකම්වරයා කටයුතු කිරීම හේතුවෙන් සෙසු ක්‍රීඩකයන් දෙදෙනා මහත් අපහසුතාවට පත්ව ඇතැයි දැනගන්නට ලැබේ.
ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලියක් සඳහා සහභාගී වීමේදී අවශ්‍ය වන ජාත්‍යන්තර මල්ලවපොර බලපත්‍රය නොමැති වීම හේතුවෙන් එම පාසල් ක්‍රීඩකයන් දෙදෙනා ආසියානු තරගාවලිය සඳහා ලියාපදිංචි නොකිරීමට ජාතික මල්ලවපොර සම්මේලනයේ වැඩ බලන ලේකම්වරයා කටයුතු කර ඇතැයි එහිදී වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ නමුත් ක්‍රීඩකයන්ට පෞද්ගලිකව මෙම ජාත්‍යන්තර මල්ලවපොර බලපත්‍රය ලබාගත නොහැකි බවත්, යම් ක්‍රීඩකයකු ජාත්‍යන්තර තරගාවලියක් සුදුසුකම් ලැබුවහොත් පමණක් අදාල රටේ ජාතික මල්ලවපොර සම්මේලනය හරහා එය ලබාගත යුතු බවත් ඒ පිළිබඳ මැනවින් තතු දත් අයකු ‘ලංකාදීප’ය වෙත පැවසීය.
ගාල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ප්‍රධාන පෙලේ පාසල් දෙකක ඉගෙනුම ලබන ඉහත කී ක්‍රීඩකයන් දෙදෙනාම සුදුසුකම් ලැබීමේ තරගාවලිය නිමාවූ වහාම ජාත්‍යන්තර මල්ලවපොර බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි සහ ඡායාරූප වැඩ බලන ලේකම්වරයාට ලබා දී ඇත. එහිදී වැඩ බලන ලේකම්වරයා ඔවුන්ට පවසා ඇත්තේ බලපත්‍රය පිළිබඳව කිසිඳු බියක් රඳවා නොගන්නා ලෙසත්, තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය මුදල් සොයාගන්නා ලෙසත්ය.
එසේ වුවත් දින කිහිපයකට පසුව තරගාවලිය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගෙන, බලපත්‍රය පිළිබඳව තොරතුරු විමසීමට වැඩ බලන ලේකම්වරයා ඇමතීමේදී ඔහු මෙම ක්‍රීඩකයන්ට පවසා ඇත්තේ අලුතින් බලපත්‍ර ලබාගැනීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් බලපත්‍ර සහිත ක්‍රීඩකයන් සිවුදෙනා පමණක් තරගාවලිය සඳහා ලියාපදිංචි කළ බවය.
මේ පිළිබඳ තොරතුරු විමසීම සඳහා වැඩ බලන ලේකම්වරයා ඇමතීමට ‘ලංකාදීප’ පියවර ගත්තද, දුරතකනය ඔස්සේ තොරතුරු ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.