Last Update  :  2024-12-27 20:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වික්‍රමශිලා විදුහලට වෙරළ වොලිබෝල් ශූරතා දෙකක්

වික්‍රමශිලා විදුහලට වෙරළ වොලිබෝල් ශූරතා දෙකක්

editorial - 2024 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල (2024) යටතේ  මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැති වෙරළ වොලිබෝල් තරගමාලාවේ ශූරතා කුසලාන දෙකක් දිනා ගැනීමට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල සමත් විය.එහිදී  වයස 17 න් පහළ හා 20 න් පහළ කාණ්ඩවල බාලිකා ශූරතා දෙක මෙලෙස ඔවුන් විසින් හිමි කර ගන්නා ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් මෙවරත් සංවිධානය වුණු  සමස්ත ලංකා පාසල් වෙරළ වොලිබෝල් තරගමාලාවට දිවයිනේ පාසල් 150 කින් පමණ කණ්ඩායම්  සහභාගි වූහ.

එහිදී තරගාවලියේදී වයඹ පළාත්හි පාසල් වැඩි ගෞරව දිනා ගැනීමට සමත් විය. මීගමුව ලොයලා විදුහල වයඹින් බැහැරව එහි ශූරතාවක් දිනා ගත් එකම පාසලයි.

 

සමස්ත ලංකා පාසල් වෙරළ වොලිබෝල් තරගමාලාවේ ශූරතා,අනුශූරතා හා තෙවැනි ස්ථාන ලද පාසල්

වයස 17 න් පහළ
බාලක ශූරතාව - හලාවත ශාන්ත මරියා, අනුශූරතාව -මීගමුව මාරිස්ටෙලා, තෙවැනි ස්ථානය -  නාත්තන්ඩිය ජනාධිපති
බාලිකා ශූරතාව : - ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, අනුශූරතාව - හුංගම විජයබා ජාතික පාසල, තෙවැනි ස්ථානය - රත්නවාඩියගොඩ කනිෂ්ඨ විදුහල

වයස 20 න් පහළ
බාලක 
ශූරතාව - මීගමුව ලොයාලා, අනුශූරතාව - සීදූව දවිසමර, තෙවැනි ස්ථානය - මාරවිල ශාන්ත සේවියර්
බාලිකා ශූරතාව - ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල්, අනුශූරතාව - ගාල්ල  සංඝමිත්තා බාලිකා, තෙවැනි ස්ථානය - කදන්ගමුව කනිෂ්ඨ විදුහල.


අදහස් (0)

වික්‍රමශිලා විදුහලට වෙරළ වොලිබෝල් ශූරතා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.