Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (23 වැනිදා) පැවති තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 13-09 ජයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත් විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති විද්‍යාර්ථ විදුහල එහිදී ලැබූ තෙවැනි ජය මෙය විය.
විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 05-03 ක් ලෙස පෙරමුණ ගැනීමට විද්‍යර්ථ විදුහල සමත් විය. එහිදී විද්‍යාර්ථ ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර විද්‍යා ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධය තුළ තවත් උත්සාහක දිනුමක් ලබාගනිමින් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් වෙද්දී, විද්‍යා විදුහලට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 2 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 13-09 ක් ලෙස තරගයේ ජය විද්‍යාර්ථ විදුහල සතු විය.
(ඡායාරූපය - ඩයලොග් අනුග්‍රහයෙනි)
Mo77 Monday, 25 July 2022 07:46 AM
ලබන වසරේ විද්‍යා විද්‍යාලය (science) බී කාණ්ඩයට වැටෙනවා වගේ පේන්නේ...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.